T

පින්බර දායකත්වය

දවසේ මෙත් සිතිවිල්ල

ආයුබෝවන්

මෙත්තාවලෝකනය නිල වෙබ් අඩවියට පිවිසි ඔබ මෙත් සිතින් පිළිගනිමු !


තුන්ලෝකාග්‍ර වූ අප අමාමෑණී ලොව්තුරු සම්මා සම්බුදූරජාණන් වහන්සේ විසින් වාදාළා වූ සුවාසූ දහසක් උතුම් ශ්‍රී සද්ධර්මස්කන්ධයෙන් පිරුණු අසිරිමත් බුදූ දහමේ අගය වෙන කවරදාකටත් වඩා වර්තමානයේ දී ජන ජීවිත වලට දැනෙන්නට පටන් ගෙන තිබේ.

මිනිස් වර්ගයා තම දෛනික කටයුතු සිදූ කරගෙන යන අතරවාරයේ දී පැන නඟිින්නා වූ විවිධාකාර කරදර බාධක හමුවේ පත්වන මානසික අසහනකාරීත්වයට මෙන්ම, ලෞකික ජීවිතයේ ඇති වන්නා වූ ගැට`ඵකාරී තත්ත්වයන්ටත් සදාකාලික පිහිටක්" පිළිසරණක් ඇත්තේ නිර්මල වූ බුදූ දහමේ බව බොහෝ දෙනාට අද අවබෝධ වී ඇත.

ලෝකය දෙස බැලුව ද අපට දැක ගත හැකි නවීනතම ප්‍රවණතාවය වන්නේ, බොහෝ දියුණු රටවල වෙසෙන උගත්, බුද්ධිමත් පිරිස් තම ජීවිත වලට සැබෑ ම වූ ආධ්‍යාත්මික සුවයක් ලබා ගැනීම පිණිස සත්‍යය සොයා බුදූ දහම ශීග්‍රයෙන් වැළඳ ගන්නා ආකාරයකි.

මෙවන් වටාපිටාවක දහමේ සා පිපාසාවෙන් පෙළෙන සුවහසක් වූ ශ්‍රී ලාංකික දූ පුතණුවන් වෙනුවෙන් උතුම් වූ ශ්‍රී සද්ධර්මස්කන්ධයේ සිසිලස ලබා දීමේ උදාරතර අරමුණ පෙරදැරිව "මෙත්තාවලෝකනය නමින් බෞද්ධ මාසික සඟිරාවක් මෙන්ම නිල වෙබ් අඩවියක් ද කලඑළි බැසීය.

මෙත්තාවලෝකනයේ අපේ දැක්ම වන්නේ, දෙස් විදෙස් හි වෙසෙන දූ පුතුනට මෙන්ම තරුණ පිරිසට හා වැඩිහිටියන්ට ද ඉතාමත් සරලව" සමීපව දැනෙන පරිද්දෙන් නිවැරදි දහම් කරුණු කියා දී ඔවුනොවුන්ගේ සදහම් ඥානය වඩවා සැදැහැති ශක්ෂාකාමීයෙකු වශයෙන් ඔවුනොවුනගේ දිවිගමන වඩාත් අර්ථාන්විතව සාක්ෂාත් කරවාලීම ය.

Read More...

මෙත් පුවත්

ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් චෛත්‍යරාජයාණන් වහන්සේගේ ධාතු නිදන් කර කොත නිරාවරණය කළ දා....

October 07, 2017 - 04.45 a.m.

ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් හි පිහිටි ධර්ම විජය විහාරස්ථාන පරිශ‍්‍රයේ අභිනවයෙන් ඉඳිකරන ලද චෛත්‍යරාජයාණන් වහන්සේගේ ධාතු නිදන් කිරීමේ උත්සවය, මහත් උත්සවශ‍්‍රීයෙන් ගිහිපැවිදි රැසගේ සහභාගීත්වයෙන් පසුගියදා පැවැත්විණි...

ලෝක තරුණ බෞද්ධ මහා සම්මේලනයේ 79 වෙනි විධායක කමිටු රැස්වීම ශ‍්‍රී ලංකාවේ දී...

September 27, 2017 - 03.05 p.m.

කාලීන වශයෙන් හටගෙන ඇති විවිධාකාරයේ අභියෝගයන් හමුවේ නො සැලී, නො සෙල්වී, නො බියව ඒකායන අරමුණක් ඔස්සේ ගමන් කරමින් බොදුනු අයිතිවාසිකම් සුරක්‍ෂිත කරවා ගැනීම සඳහා කතිකාවතක් ඇති කර ගැනීම වෙනුවෙන් වූ විශේෂ රැස්වීමක් පසුගිය දා ශ‍්‍රී ලංකාවේ දී පැවැත්විණි...

තායිවානය මහත් හරසරින් බුදු උපත ජාත්‍යන්තරව සමරයි....

September 26, 2017 - 10.58 a.m.

තායිවානයේ පිහිටි නව තායිපේ බෞද්ධ සංගමය හා චීන තරුණ බෞද්ධ සංගමය එක්ව මෙවර මහත් හරසරින් යුක්තව ජාත්‍යන්තරව සම්බුදු උපත සමරනු ලැබීය. නව තායිපේ නගර මධ්‍යයේ පිහිටි චූචෙන්ග් සී ෆා චෑන් විහාරස්ථාන පරිශ‍්‍රයේ පැවැති මෙම අසිරිමත් වෙසක් සැමරුම සඳහා රටවල් 10 ක නියෝජිතයින් 50 කටත් අධික සංඛ්‍යාවක් සහභාගී වී සිටියහ....

චීන දළදා මහා විහාරයේ පැවැති අසිරිමත් වෙසක් සැමරුම...

September 25, 2017 - 08.44 a.m.

2561 වෙනි අසිරිමත් වෙසක් සැමරුම චීනයේ බීජිං නුවර පිහිටි ලෝකප‍්‍රකට ”ලිංක්වාංග් දළදා මහා විහාර” පරිශ‍්‍රයේ දී එම විහාරයේ විහාරාධිපති, චීන බෞද්ධ සංගමයේ උප ලේකම් අතිගෞරවාර්හ ෂ චංග් සං නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ අනුශාසනා පරිදි අතිඋත්කර්ෂවත් අයුරින් පැවැත්විණි...

නේපාලයේ තපස්සි ධම්ම නාහිමියන්ට ශ‍්‍රී ලංකාවේ දී උපහාර ප‍්‍රණාම...

September 23, 2017 - 06.31 p.m.

නේපාල භික්‍ෂු සංගමයේ විධායක කමිටු සාමාජික, ලෝක තරුණ බෞද්ධ මහා සම්මේලනයේ උප සභාපති, නේපාලයේ කත්මණ්ඩු අගනුවර චාරුමතී බෞද්ධ මහා විහාරස්ථානයේ නිර්මාතෘ හා සභාපතීත්වය හොබවන ගෞරවාර්හ තපස්සි ධම්ම නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ 35 වසරක ශාසනික හා සමාජීය මෙහෙවර අගයමින් ශ‍්‍රී ලංකාවෙන් ගෞරව උපහාර පිරිනැමීමක් පසුගියදා සිදුකෙරිණි...

මාසික සඟරාව

සෙත් පිරිත්

භාවනා

ධර්ම දේශනා

ලෝක බෞද්ධ උරුමයන්

Visitors Counting

අපේ වෙනත් ප්‍රකාශන

  • පින්බර දොළොස් පෝදා ග්‍රන්ථය
    පින්බර දොළොස් පෝදා ග්‍රන්ථය වසරේ සෑම මසකම උදාවන පුර පසළොස්වක පොහොය දිනය හා සම්බන්ධ විශේෂ සිදූවීම් මාලාවක් තිබේ. ශාන්ති නායක අමාමෑණී ලොව්තුරු සම්මා සම්බුදූරජාණන් වහන්සේගේ සම්බුදූ දිවිය සහ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරසථිතිය පතා සිදූ වූ සිදූවීම් මාලාවක උතුම් සැමරුමක් වන මේ උතුම් පුරපසළොස්වක පොහොය දිනය" පාරිසරික වශයෙන් මෙන්ම ආධ්‍යාත්මික වශයෙන් ද ඇති කරළන්නේ නැවුම්…
  • "වඳිනෙමි දඹදිව බුද්ධභුමි" ග්‍රන්ථය සංසාර සාගරයේ ඉපදෙමින් මැරෙමින් යළිත් ඉපදෙමින් සාරාසංඛෙය්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලේ පාරමී දම් පුරා" උපදින උපදින ඒ ඒ ආත්මභවයන්හදී මිහිපිට සත්ත්වයෙකු කිසිදා නොවිඳිනා අනේකවිධ දූක් කම්කටොළු අනන්ත අප්‍රමාණව වඳ දරා ගනිමින් අවසානයේ මිනිසත් ආත්මභවයක ඉපිද" සාමාන්‍ය ජනයාගේ ජනහදවත් බුද්ධියෙන් මනාව ස්පර්ශ කර" ජීවිතයේ ඇති අනිත්‍යතාවය මැනැවින් අවබෝධ කරගෙන සියලූ කෙළෙසුන් නසා…
  • "අමාදම් සිසිලස" ග්‍රන්ථ 01" 02" 03" 04" 05 සුවහසක් වූ බොදූ බැතිමතුන්ගේ සිතට බුද්ධාලම්බන ප්‍රීතියක් එක් කරමින් සෑම පුන් පොහෝ දිනක ම ශී්‍ර ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ එවකට හිටපු අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ හා ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිනියගේ සංවිධායකත්වයෙන් කොළඹ අරලියගහ මන්දිරයේ දී පවත්වනු ලැබූ "අමාදම් සිසිලස" ධර්ම දේශනා මාලාවේ ප්‍රථම ධර්ම දේශනා 125 ඇතුළත්…
  • "Mettavalokanaya” is a registered in Sri Lanka Government with International Standard.
  • Registered at Department of National Archives in Sri Lanka 424551/05/01/2016
  • Registered at National Intellectual Property Office of Sri Lanka ACT NO.36 OF 2003 - Class 16 / 179486
  • Registered at International Standard Serial Numbering Project (ISSN) 2345-9093 / BAR CODE 9 772345 909003

“Mettavalokanaya”,
Mettavalokana Buddhist Publications Centre,
No.104/E, Aththanagalla Road, Walpola, Rukgahawila, Sri Lanka.

Telephone - + 94 777 551666
Fax - + 94 3322 81257
E-mail - info@meththawalokanaya.com
Website - www.meththawalokanaya.com
Facebook - Mettavalokana Buddhist Publications Centre