T

ආයුබෝවන් මෙත්තාවලෝකනය වෙබ් අඩවියට පිවිසි ඔබ මෙත් සිතින් පිළිගනිමු !


තුන්ලෝකාග්‍ර වූ අප අමාමෑණී ලොව්තුරු සම්මා සම්බුදූරජාණන් වහන්සේ විසින් වාදාළා වූ සුවාසූ දහසක් උතුම් ශ්‍රී සද්ධර්මස්කන්ධයෙන් පිරුණු අසිරිමත් බුදූ දහමේ අගය වෙන කවරදාකටත් වඩා වර්තමානයේ දී ජන ජීවිත වලට දැනෙන්නට පටන් ගෙන තිබේ.

මිනිස් වර්ගයා තම දෛනික කටයුතු සිදූ කරගෙන යන අතරවාරයේ දී පැන නඟිින්නා වූ විවිධාකාර කරදර බාධක හමුවේ පත්වන මානසික අසහනකාරීත්වයට මෙන්ම, ලෞකික ජීවිතයේ ඇති වන්නා වූ ගැට`ඵකාරී තත්ත්වයන්ටත් සදාකාලික පිහිටක්" පිළිසරණක් ඇත්තේ නිර්මල වූ බුදූ දහමේ බව බොහෝ දෙනාට අද අවබෝධ වී ඇත.

ලෝකය දෙස බැලුව ද අපට දැක ගත හැකි නවීනතම ප්‍රවණතාවය වන්නේ, බොහෝ දියුණු රටවල වෙසෙන උගත්, බුද්ධිමත් පිරිස් තම ජීවිත වලට සැබෑ ම වූ ආධ්‍යාත්මික සුවයක් ලබා ගැනීම පිණිස සත්‍යය සොයා බුදූ දහම ශීග්‍රයෙන් වැළඳ ගන්නා ආකාරයකි.

මෙවන් වටාපිටාවක දහමේ සා පිපාසාවෙන් පෙළෙන සුවහසක් වූ ශ්‍රී ලාංකික දූ පුතණුවන් වෙනුවෙන් උතුම් වූ ශ්‍රී සද්ධර්මස්කන්ධයේ සිසිලස ලබා දීමේ උදාරතර අරමුණ පෙරදැරිව "මෙත්තාවලෝකනය නමින් බෞද්ධ මාසික සඟිරාවක් මෙන්ම නිල වෙබ් අඩවියක් ද කලඑළි බැසීය.

මෙත්තාවලෝකනයේ අපේ දැක්ම වන්නේ, දෙස් විදෙස් හි වෙසෙන දූ පුතුනට මෙන්ම තරුණ පිරිසට හා වැඩිහිටියන්ට ද ඉතාමත් සරලව" සමීපව දැනෙන පරිද්දෙන් නිවැරදි දහම් කරුණු කියා දී ඔවුනොවුන්ගේ සදහම් ඥානය වඩවා සැදැහැති ශක්ෂාකාමීයෙකු වශයෙන් ඔවුනොවුනගේ දිවිගමන වඩාත් අර්ථාන්විතව සාක්ෂාත් කරවාලීම ය.


ලැබෙන අනුග්‍රාහක වෙළඳ දැන්වීම් මත ආරම්භයේ දී අපගේ "මෙත්තාවලෝකනය" බෞද්ධ මාසික සඟරාව පිටපත් පන්දහසක් මුද්‍රණය කර තෛනිකායික මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ විහාරස්ථාන ද ඇතුළත්ව දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය වන පරිද්දෙන් තෝරා ගත් විහාරස්ථාන 1000 කට, පාසල් පුස්තකාල 1000 කට, මහජන පුස්තකාල 1000 කට, වැඩිහිටි නිවාස 1000 කට, පුනරුත්ථාපන හා ළමා නිවාස 1000 කට බෙදාහරිනු හැරීමට කටයුතු යොදා ඇති අතර, ඉදිරියේ දී ලැබෙන උපකාරයන් මත තව තවත් පු`ඵල්ව මුද්‍රණය කර නොමිලයේ බෙදා හැරීමට බලාපොරොත්තු වේ.

මීට අමතරව, දඹදිව වන්දනාවේ යන බැතිමතුන් උදෙසා ද අපගේ සඟරාව බෙදා හැරීමට නියමිතව ඇත. එමෙන්ම, විදෙස් රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල වලට හා විදෙස් රටවල පිහිටි ශ්‍රී ලාංකීය විහාරස්ථානයන් වෙත මෙන්ම ශ්‍රී ලාංකික සංවිධාන වෙත ද අපගේ "මෙත්තාවලෝකනය බෞද්ධ මාසික සඟරාව" හැකි පමණින් බෙදාහැරීමට කටයුතු කෙරේ.

බෞද්ධ ප්‍රකාශන ආයතනයක් වශයෙන් නිර්මාණ එළිදැක්වීම පිණිස ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අධ්‍යාපන සේවා අමාත්‍යාංශයට අයත් ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ ISSN 2345-9093 හා BAR CODE 9 772345 909003 යටතේත්, කොළඹ 10, ඩී.ආර්. විජේවර්ධන මාවතේ පිහිටි සමාගම් මැදූරේ ශ්‍රී ලංකාවේ ජාතික බුද්ධිමය දේපළ කාර්යාංශයේ රෙðස්ටාර් ජනරාල් හමුවේ 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනතේ ACT NO.36 OF 2003 - Class 16 / 179486 යටතේත්, ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ පො/ප්‍ර/රෙ/4/3/06 - 424551 - 05/01/2016 දරන අංකය යටතේත් මෙත්තාවලෝකනයේ ලියාපදිංචිය සිදූ කර ඇත.

මීට අමතරව, ජාත්‍යන්තර ප්‍රමිති අංක ශ්‍රේණිගත කිරීමේ ව්‍යාපෘතියේ ද මෙත්තාවලෝකනයේ සියලූම ලියාපදිංචි කටයුතු සිදූ කර තිබේ. ඒ අනුව අපගේ මෙම "මෙත්තාවලෝකනය" බෞද්ධ මාසික සඟරාවට ජාතික හා ජාත්‍යන්තර පිළිගත් වටිනාකමක් ලැබී තිබේ.

එදා මෙන්ම අදත්" අද මෙන්ම හෙටත් අපගේ අව්‍යාජ උත්සාහය වන්නේ" අතිඋත්තම ශාන්ති නායකයාණන් වහන්සේ වදාළ පරිදි, "ධම්මෝසධ සමං නත්Ó - ඒතං පවථ භික්ඛවෝ": - ධර්මය හා සමාන වෙනත් ඔසුවක් නොමැති නිසා උතුම් ධර්මාවබෝධය ම සකල ලෝක වැසියන්ට අපට හැකි පමණින් ලබා දීමයි.

මෙත් සිතින් ඔබට උතුම් තුන්රුවනේ සරණ පතන්නෙමු !

  • "Metthavalokanaya” is a registered in Sri Lanka Government with International Standard.
  • Registered at Department of National Archives in Sri Lanka 424551/05/01/2016
  • Registered at National Intellectual Property Office of Sri Lanka ACT NO.36 OF 2003 - Class 16 / 179486
  • Registered at International Standard Serial Numbering Project (ISSN) 2345-9093 / BAR CODE 9 772345 909003

“Metthavalokanaya”,
Metthavalokanaya Buddhist Publications Centre,
No.104/E, Aththanagalla Road, Walpola, Rukgahawila, Sri Lanka.

Telephone - + 94 777 551666
Fax - + 94 3322 81257
E-mail - info@meththawalokanaya.com
Website - www.meththawalokanaya.com
Facebook - Meththawalokana Buddhist Publications Centre