T

අපේ දැක්ම

මෙත්තාවලෝකනයේ අපේ දැක්ම වන්නේ, දෙස් විදෙස් හි වෙසෙන දූ පුතුනට මෙන්ම තරුණ පිරිසට හා වැඩිහිටියන්ට ද ඉතාමත් සරලව, සමීපව දැනෙන පරිද්දෙන් නිවැරදි දහම් කරුණු කියා දී ඔවුනොවුන්ගේ සදහම් ඥානය වඩවා සැදැහැති ශික්ෂාකාමීයෙකු වශයෙන් තම දිවිගමන සාක්ෂාත් කරවාලීම ය.

අතිගෞරවනීය වූ මහාසංඝරත්නයේ පූර්ණ අවවාද අනුශාසනා මධ්‍යයේ උකහා ගන්නා ලද හරවත් වූත්, වටිනා වූත් දහම් වැකි, ධර්ම දේශනා, ගාථා හා පිරිත් සූත්‍රයන් ඔස්සේ බොදූ බැතිමතුන්ගේ ආධ්‍යාත්මික ගුණ වගාව වඩා වර්ධනය කරවාලීමට මෙහිදී අප බලාපොරොත්තු වේ.

අපගේ මේ අහිංසක සද් කර්තව්‍යයේ ඒකායන අරමුණ මෙන්ම අවසන් බලාපොරොත්තුව ද වන්නේ, තුන්ලෝකාග්‍ර වූ භාග්‍යවන්ත වූ අරිහත් වූ ලොව්තුරු අමාමෑණී ශ්‍රී සම්මා සම්බුදූරජාණන් වහන්සේ විසින් සියලූ ලෝ වැසි දනන් වෙත මහා කරුණාවෙන් වදාළා වූ "චරථ භික්ඛවේ චාරිකං බහුජන සුඛාය අත්තා හිතාය දේව මනුස්සානං" - සියලූ දෙව් මිනිසුන්ගේ හිත සුව පිණිස මහත් වූ දයානුකම්පාවෙන් දහම් චාරිකාවේ නියැලෙන්න නම් වූ උදාරතර ම`ග පෙන්වීම ඔස්සේ යමින් අපට හැකි පමණින් ලේකයේ බොහෝ දෙනාට සද්ධර්මාවබෝධයේ සිසිලස වි`දගැනීමට අවැසි වටාපිටාව සකස් කර දීමය.

"මෙත්තාවලෝකනය" කියවන, අහන, දකින ඔබ, ඔබගේ ජීවිත නැවුම් බවින් පුරවා ගනිමින් අර්ථවත් අධ්‍යාත්මික සුවයක් ළඟා කරගෙන සුඛී සුවපත්භාවයට පත්ව ඔබේ ජීවිත ඔබ ම එළිය කරගනු ඇති බව අපේ විශ්වාසයයි.

අපේ මෙහෙවර

කිසිඳු මූල්‍යමය හෝ ද්‍රව්‍යමය හෝ ලාභ පරමාර්ථයකින් තොරව ආරම්භ කරන ලද අපගේ මෙම සද් මෙහෙවර ඔස්සේ අප බලාපොරොත්තු වන්නේ, අප විසින් මහත් වෙහෙසක් දරා උතුම් ශ්‍රී සද්ධර්මස්කන්ධය සම්බන්ධයෙන් සොයා ගන්නා ලද බොහෝ කරුණු කාරනා ගොනු කරගනිමින් මෙන්ම, විවිධ පතපොත පරිශීලනය කරමින් හා විද්වත් ධර්මධර, විනයධර, සුපේශල, ශික්ෂාකාමී නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේලා ඇසුරෙන් ලබාගන්නා ලද අනුශාසනාවන් අනුසාරයෙන් ඉතා වටිනා සදහම් අවබෝධයක් අපගේ පාඨක පිරිස් වෙත හැකි සෑම අවස්ථාවක දීම ලබා දීම ය.

මෙම කාර්යයේදී නවීනතම තාක්ෂණික ක්‍රමවේදයන් අප භාවිතා කරනු ලබන අතර, අපගේ මෙත්තාවලෝකනය වෙබ් අඩවියට අමතරව, මෙත්තාවලෝකනය මාසික සඟරාවත්, මෙත්තාවලෝකනය ෆේස්බුක් පිටුවත්, ටුවිටර් පිටුවත්, යූටියුබ් ජාලයත්, ලින්ක්ඩ්ඉන් පිටුවත්, බ්ලොග් පිටුවත් මෙන්ම ගූගල් ප්ලස් ඔස්සේ ද සියලූ ලක්වැසි ජනයාට මෙන්ම ලෝකවාසී සියලූ දෙනා හට මහත් වූ භක්තියාදරයකින් සදහම් කරුණු ගෙන එනු ලැබේ.

එමෙන්ම, අප විසින් ඉදිරියේ දී තව තවත් බෞද්ධාගමික ප්‍රකාශන නිකුත් කිරීමට බලාපොරොත්තු වන අතර, ඒ වෙනුවෙන් වූ පූර්ව කටයුතු දැනටමත් යොදා ඇති බව පින්වත් ඔබට දැනුම් දෙන්නේ ඉමහත් සතුටකිනි.

මේ සියලූ දෑ අප විසින් ඔබ වෙත තිළිණ කරනු ලබන්නේ කිසිඳු මුදලක් අය කිරීමෙන් තොරවය. ආගම දහම විකුණාගෙන කෑම අපගේ පරමාර්ථය නොවන නිසා අප විසින් මහත් පරිශ්‍රමයක් දරා සිදූ කරනු ලබන මෙම නිර්මාණ කිසිවක් කිසිදා මුදලට විකුණන්නේ නැත. ඒ ස්ථාවරයේ අප දිගින් දිගටම සිටී.

  • "Meththawalokanaya” is a registered in Sri Lanka Government with International Standard.
  • Registered at Department of National Archives in Sri Lanka 424551/05/01/2016
  • Registered at National Intellectual Property Office of Sri Lanka ACT NO.36 OF 2003 - Class 16 / 179486
  • Registered at International Standard Serial Numbering Project (ISSN) 2345-9093 / BAR CODE 9 772345 909003

“Meththawalokanaya”,
Meththawalokana Buddhist Publications Centre,
No.104/E, Aththanagalla Road, Walpola, Rukgahawila, Sri Lanka.

Telephone - + 94 777 551666
Fax - + 94 3322 81257
E-mail - info@meththawalokanaya.com
Website - www.meththawalokanaya.com
Facebook - Meththawalokana Buddhist Publications Centre