T

අතිගෞරවාර්හ මහෝපාධ්‍යාය ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ

අතිගෞරවනීය අනුශාසක

"ඉමං සරත්තං පිසිතං සරීරං ධාරෙමි ලෝකස්ස හිතත්ථමෙව" - ලෝකයාගේ හිත සුව වෙනුවෙන් ම කටයුතු කිරීමේ උතුම් පූර්වාදර්ශය තම පැවිදි දිවියේ ආදර්ශ පාඨය කර ගත් අපේ පන්නිල ශ්‍රී ආනන්ද නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ" පුරා පණස් හත් වසරක් තිස්සේ ශාසනික, ආගමික අධ්‍යාපනික හා සමාජීය වශයෙන් සුවිසල් මෙහෙවරක් සිදූ කරනු ලබන මහා තෙරනමකි. අපේ නායක හාමුදූරුවන්ගේ අතිගෞරවනීය වූ අනුශාසකත්වය අතිශයින්ම " මෙත්තාවලෝකනයට" මහා පිටිවහලකි.

අත්තනගල්ල ශ්‍රී අරහන්ත රාජමහා විහාරය, ඇමරිකාවේ හියුස්ටන් බෞද්ධ විහාරය. තායිවානයේ ප්‍රථම ථේරවාද බෞද්ධ විහාරය යන විහාරයන්හි විහාරාධිපති" ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් බෞද්ධ විහාරයේ ලේඛකාධිකාරී, සීනාදී සිව් කෝරළයේ ප්‍රධාන සංඝනායක පදවිය ද අපේ ආනන්ද නාහිමියන් වහන්සේ හොබවති.

ව්‍යක්ත, විනීත, විශාරද, බහුශ්‍රැත, ධර්මධර හා ධර්මානුධර්ම ප්‍රතිපන්න ගුණයන්ගෙන් යුක්තව පිළිවෙත් පුරන භක්ෂුන්වහන්සේ නමක් වන අපේ නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ, වර්ෂ 1959 මැයි 18 අත්තනගල්ල රාජමහා විහාරස්ථානයේ දී පැවිදි දිවියට පිවිස, 1967 ජූනි 20 වෙනිදා මල්වතු මහාවිහාරීය මංගල උපෝෂථාගාරයේ දී උපසම්පදාවට පත්ව, පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගය, ප්‍රාචීන ප්‍රාරම්භ හා මධ්‍යම යන විභාග වලින් සුවිශේෂී දස්කම් දක්වා සමත්ව, ඉන් අනතුරුව ජපානයේ ඔසාකා හා කියෝතෝ යන විශ්වවිද්‍යාලයන්ට ඇතුළත්ව උපාධි ලබාගත් වියත් පඬිරුවනකි.

එමෙන්ම, වත්මන් විදෙස් ධර්ම දූත මෙහෙවරේ අග්‍රගන්‍ය මාර්ගෝපදේශකත්වයක් සැපයූ ආරම්භක මහතෙර නමක් ද වන අපේ ආනන්ද නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ, ඇමරිකාවේ බටහිර වෙරළේ ප්‍රථම ථේරවාද බෞද්ධ විහාරය ආරම්භ කිරීමට දායක වූවා සේ ම, ලොස් ඇන්ජලීස්, නිව්යෝක්, සැන් ෆැන්සිස්කෝ, හූස්ටන්, ෆ්ලෝරිඩා, ලාස් වේගාස් යන නගරවල බෞද්ධ විහාරස්ථානයන් රාශියක් ආරම්භ කරන්නටත් මුල් වී කටයුතු කර ඇති අතර, තායිවාන් ඉතිහාසයේ ප්‍රථම වරට ථේරවාදී බෞද්ධ විහාරයක් ආරම්භ කර ඇත්තේ ද අපේ ආනන්ද නාහිමිපාණන් වහන්සේගේ මූලිකත්වයෙනි.

අද වන විට තම විහාරස්ථානය අවට පාසල්වල අඩුපාඩු සොයා බලා තම පෞද්ගලික වියදමින් අති දැවැන්ත තෙමහල් ගොඩනැඟිලි ඉදිකරවා, සතර පේරුවේ තම දායකකාරකාධීන්ගේ දූවා දරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යතා සපුරාලමින් සැමට ආදර්ශවත් මහ`ගු මෙහෙවරක නියැලී වැඩ වෙසෙති.

විජය වගාආරච්චි මහතා

නිර්මාණාත්මක අධ්‍යක්ෂ

හම්බන්තොට වීරකැටිය රාජපක්ෂ ජාතික පාසලෙන් සිප් සතර හැදෑරීමෙන් අනතුරුව කොළඹ ඉන්ග්‍රීන් ආයතනයෙන් ග්‍රැෆික් නිර්මාණ සම්බන්ධයෙන් වූ ඩිප්ලෝමාව හදාරා වෘත්තීමය මාධ්‍ය ෙක්ෂ්ත්‍රයට පිවිසි විජය වගාආරච්චි මහතා" මෙරට නිර්මාණකරණයේ රන් සම්මාන ලැබූ පළපුරුදූ නිර්මාණකරුවෙකි.

විජය පුවත්පත් ආයතනයේ "සංකල්ප හා සැලසුම් නිර්මාණවේදියා" වශයෙන් සේවය කරනු ලබන අතර, තම නිර්මාණාත්මක දායකත්වය වඩාත් හරබරව මෙන්ම අලංකාරවත්ව "මෙත්තාවලෝකනය" වෙත පිරිනමයි.

තරුණයෙකු වශයෙන් දනට පිනට බොහෝ සෙයින් ඇලූම් කරන වගාආරච්චි මහතා, තම නිර්මාණාත්මක ප්‍රවේශය මෙත්තාවලෝකනය වෙත පිරිනමන්නේ කිසි`දූ මුදලක් අය කිරීමකින් තොරව මෙත් සිත් පෙරදැරිව ම ය. සෑම දෙයක් ම රුපියල් ශත වලින් මනිනා මෙවන් යුගයක මෙම මා හැ`ගි තරුණ නිර්මාණවේදියාගේ සද් කර්තව්‍යය සැබැවින්ම අගය කළ යුත්තකි.

මෙත්තාවලෝකනයේ සෑම නිර්මාණ කටයුත්තක්ම මෙන්ම, මෙත්තාවලෝකනය බෞද්ධ මාසික සඟරාවේ, වෙබ් අඩවියේ, ෆේස්බුක් පිටුවේ, ෆේස්බුක් පිටුවේ, ටුවිටර් පිටුවේ, යූටියුබ් පිටුවේ, ලින්ක්ඩ්ඉන් පිටුවේ, බ්ලොග් පිටුවේ, ප්‍රින්ටරස්ට් පිටුවේ, ෆිලිකර් පිටුවේ, තම්බ්ලර් පිටුවේ, ඉන්ස්ටර්ග්‍රෑම් පිටුවේ" මෙන්ම ගූගල් ප්ලස් පිටුවේ ද සියලූම නිර්මාණ හැඩ වැඩ සැලසුම් ඒ මහතාගේ ම සුරතින් නිර්මාණය වී තිබේ.

හිටපු ජනාධිපති අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ධුර කාලයේ දී ජනාධිපති කාර්යාලයේ" ජනාධිපති ආගමික කටයුතු අංශය විසින් එළි දක්වනු ලැබූ "පුණ්‍යවන්ත බුද්ධ භූමි වන්දනාව" , "අමාදම් සිසිලස" වැනි ධර්ම ග්‍රන්ථයන් හි සියලූම පරිගණක පිටු සැලසුම් හා නිර්මාණකරණය සිදූ කළේ ද විජය වගාආරච්චි මහතාගේ කැපවීමෙනි.

මාධ්‍ය හා නිර්මාණ කරළියේ එකළොස් වසරක පළපුරුද්ද සහ අත්දැකීම් සමුදාය ඔස්සේ ඒ මහතාගේ නිර්මාණාත්මක දායකත්වය "මෙත්තාවලෝකනයට" මනා පිටිවහලකි.
 

චින්තක දික්කුඹුර මහතා

මෙහෙයුම් අධ්‍යක්ෂ

අරුණ නාලාවත්ත මහතා

ඡායාරූප අධ්‍යක්ෂ
  • "Mettavalokanaya” is a registered in Sri Lanka Government with International Standard.
  • Registered at Department of National Archives in Sri Lanka 424551/05/01/2016
  • Registered at National Intellectual Property Office of Sri Lanka ACT NO.36 OF 2003 - Class 16 / 179486
  • Registered at International Standard Serial Numbering Project (ISSN) 2345-9093 / BAR CODE 9 772345 909003

“Mettavalokanaya”,
Mettavalokana Buddhist Publications Centre,
No.104/E, Aththanagalla Road, Walpola, Rukgahawila, Sri Lanka.

Telephone - + 94 777 551666
Fax - + 94 3322 81257
E-mail - info@meththawalokanaya.com
Website - www.meththawalokanaya.com
Facebook - Meththawalokana Buddhist Publications Centre