T

බුද්ධික සංජීව මහතා

නිර්මාතෘ / සභාපති / ප්‍රධාන කර්තෘ

ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ හා ආගමික කටයුතු සම්බන්ධයෙන් පුරා වසර 16 ක අත්දැකීම් සමුදායකින් හෙබි ප්‍රවීණ තරුණ මාධ්‍යවේදියෙකි. ප්‍රාදේශීය වර්තාකරුවෙකු වශයෙන් මෙරට ජනප්‍රියතම රූපවාහිනී නාළිකාවක් වන "ස්වර්ණවාහිනී" නාළිකාවේ Live @ 8 ප්‍රවෘත්ති විකාශය හා වර්ෂ 2000 දී සම්බන්ධ වෙමින් පුරා වසර 07 ක් එහි සේවය කර "ප්‍රවෘත්ති හා දේශපාලන වැඩසටහන් නිෂ්පාදකම තනතුර දක්වා උසස් වීම් ලබා මාධ්‍ය කරළියේ විසල් මෙහෙවරක් සිදූ කර තිබේ.

ඉන් අනතුරුව, හිටපු ජනාධිපති අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ආරාධනාවක් මත වර්ෂ 2007 දී ජනාධිපති කාර්යාලයේ, ජනාධිපති මාධ්‍ය අංශය වෙත සම්බන්ධ වූ බුද්ධික සංජීව මහතා, අතිගරු ජනාධිපතිතුමන්ගේ ,ජනාධිපති මාධ්‍ය හා ආගමික කටයුතු සම්බන්ධීකරණ නිලධාරීවරයාම වශයෙන් වසර 07 ක් සේවය කළේය. එහිදී "පුණ්‍යවන්ත බුද්ධ භූමි වන්දනාවම" "අමාදම් සිසිලසම වැනි ධර්ම ග්‍රන්ථයන් එළි දක්වා රාජ්‍ය සේවයේ ඉහළ ම තැන සිට ශාසනික මෙහෙවරයන් රැසක් සිදූ කර තිබේ.

එමෙන්ම, බුද්ධික සංජීව මහතාගේ මහ`ගු සේවාව ලංකාවට පමණක් සීමා නොවූ අතර, ජාත්යන්තරයට ද විසිර පැතිරිණි. ජාත්‍යන්තර ධර්ම ප්‍රචාරක කටයුතු වශයෙන් තායිලන්තය, බංග්ලාදේශය හා තායිවානය යන රටවලට ඒ මහතාගේම සුරතින් බෝ සමිදූ අංකුර රැගෙන ගොස් රෝපණය කරවා ඒ ඒ රටවල් හා ශ්‍රී ලංකාව අතර සුහදත්වය මෙන්ම මිත්‍රත්වය ද වඩා වර්ධනය වන පරිද්දෙන් රාජ්‍ය තාන්ත්‍රිකව කටයුතු කරන්නට අවස්ථාව ලැබිණි.

ස්විට්සර්ලන්තය, චීනය" ප්‍රංශය, නෝර්වේ, ස්වීඩනය, ඉතාලිය, ඉන්දියාව හා නේපාලය යන රටවල ද බෞද්ධාගමික කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ඒ මහතා, ඒ සෑම කටයුත්තක දී ම ලබා ඇති අත්දැකීම් සමුදාය අතිමහත් ය. එමෙන්ම, ගෙවුණු කාලයේ දී මල්වතු - අස්ගිරි ඇතුළු ත්‍රෛනිකායික මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ ද ආශිර්වාදය නිරන්තරයෙන් ම ලබමින් මෙන්ම, ලෝකයේ බොහෝ රටවල වැඩ වාසය කරන ප්‍රධාන සංඝනායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේලාගේ ද පැසසුමට ලක්වෙමින් තම කර්තව්‍යයන් මැනැවින් ඉටු කර තිබේ.

පුරා දහසය වසරක් තිස්සේ මාධ්‍ය හා ආගමික කටයුතු සම්බන්ධයෙන් ලද පන්නරය තුළින් තවත් දීර්ඝ කාලයක් ශ්‍රී සම්බුදූ සසුනේ චිරස්ථිතිය පතා ගිහියෙකු ලෙසින් උදාර මෙහෙවරක් සිදූ කරන්නට සිතූ බුද්ධික සංජීව මහතා ඒ අනුව, ජනාධිපති කාර්යාලයේ සේවා කාලය අවසන් වූ පසු තම දක්ෂතාවයන් මැනැවින් උපයෝගී කර ගනිමින් "මෙත්තාවලෝකනයම නමින් බෞද්ධ මාසික සඟරාවක්, වෙබ් අඩවියක්, ෆේස්බුක් පිටුවක්, ටුවිටර් පිටුවත්,  යූටියුබ් ජාලයත්, ලින්ක්ඩ්ඉන් පිටුවත්, බ්ලොග් පිටුවත් මෙන්ම ගූගල් ප්ලස් පිටුවක් ද ආරම්භ කෙරිණි. එහි ප්‍රතිඵලයක් වශයෙන් "මෙත්තාවලෝකනයම මෙලෙස කල එළි බැසී ය.

  • "Meththawalokanaya” is a registered in Sri Lanka Government with International Standard.
  • Registered at Department of National Archives in Sri Lanka 424551/05/01/2016
  • Registered at National Intellectual Property Office of Sri Lanka ACT NO.36 OF 2003 - Class 16 / 179486
  • Registered at International Standard Serial Numbering Project (ISSN) 2345-9093 / BAR CODE 9 772345 909003

“Meththawalokanaya”,
Meththawalokana Buddhist Publications Centre,
No.104/E, Aththanagalla Road, Walpola, Rukgahawila, Sri Lanka.

Telephone - + 94 777 551666
Fax - + 94 3322 81257
E-mail - info@meththawalokanaya.com
Website - www.meththawalokanaya.com
Facebook - Meththawalokana Buddhist Publications Centre