T

චීන දළදා මහා විහාරයේ පැවැති අසිරිමත් වෙසක් සැමරුම...

2561 වෙනි අසිරිමත් වෙසක් සැමරුම චීනයේ බීජිං නුවර පිහිටි ලෝකප‍්‍රකට ”ලිංක්වාංග් දළදා මහා විහාර” පරිශ‍්‍රයේ දී එම විහාරයේ විහාරාධිපති, චීන බෞද්ධ සංගමයේ උප ලේකම් අතිගෞරවාර්හ ෂ චංග් සං නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ අනුශාසනා පරිදි අතිඋත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

චිනයේ සියලුම නිකායන්හි මහානායක ස්වාමීන්ද‍්‍රයාණන් වහන්සේලාගේ වැඩම කිරීමෙන් මහත් අභිමානයකින් පැවැති මෙවර වෙසක් සැමරුම කාලීන වශයෙන් බෙහෙවින් අරුත්බර විය. රටවල් රැුසක් නියෝජිතයින් මෙන්ම, චීනයේ පිහිටි තානාපති කාර්යාල රැසක තානාපතිවරුන් මෙන්ම මහකොමසාරිස්වරුන් ද මෙම උත්සව අවස්ථාවට එක්ව සිටියහ.

ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම අවස්ථාවට ”ලොංග්හුවා” චීන සංස්කෘතික හා අධ්‍යාපන මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය හා ඕ වෙයිමිංග් මැතිතුමා සහ මෙත්තාවලෝකනයේ නිර්මාතෘ, සභාපති හා ප‍්‍රධාන කර්තෘ බුද්ධික සංජීව යන මහත්වරුන් ද එක්ව සිටියහ. ජාත්‍යන්තර වෙසක් සැමරුමට සමඟාමීව පැවැති මෙම වෙසක් සැමරුම සඳහා වත්පිළිවෙත් රැසක් එක් කර තිබීම ද විශේෂත්වයකි.

ලොවට උතුම් වූ චීනයේ බීජිං අගනුවර පිහිටි වසර 1200 ක් ඉපැරණි අයස්කාන්ත ලිංක්වාංග් දළදා මාළිගාව, ලෝකයේ බොහෝ දෙනා පරම පූජනීයත්වයෙහිලා සලකමින් නිබඳවම වන්දනාමාන කරනා බෞද්ධාගමික සිද්ධස්ථානයකි.

චීනයේ ඇති සුවිසල් විහාරස්ථාන අට අතරින් ප‍්‍රධානත්වයෙහිලා සලකණු ලබන මේ මනරම් විහාරයේ මහල් 13 කින් සමන්විත මීටර් 51 ක් උසැති රමණීය මාළිගාවක බුදුරජාණන් වහන්සේගේ අතිඋත්තම වූ දන්ත ධාතූන් වහන්සේව මහත් ගෞරව පෙරදැරිව තැන්පත් කර තිබේ.

View the embedded image gallery online at:

  • "Mettavalokanaya” is a registered in Sri Lanka Government with International Standard.
  • Registered at Department of National Archives in Sri Lanka 424551/05/01/2016
  • Registered at National Intellectual Property Office of Sri Lanka ACT NO.36 OF 2003 - Class 16 / 179486
  • Registered at International Standard Serial Numbering Project (ISSN) 2345-9093 / BAR CODE 9 772345 909003

“Mettavalokanaya”,
Mettavalokana Buddhist Publications Centre,
No.104/E, Aththanagalla Road, Walpola, Rukgahawila, Sri Lanka.

Telephone - + 94 777 551666
Fax - + 94 3322 81257
E-mail - info@meththawalokanaya.com
Website - www.meththawalokanaya.com
Facebook - Meththawalokana Buddhist Publications Centre