T

නේපාලයේ තපස්සි ධම්ම නාහිමියන්ට ශ‍්‍රී ලංකාවේ දී උපහාර ප‍්‍රණාම...

නේපාල භික්‍ෂු සංගමයේ විධායක කමිටු සාමාජික, ලෝක තරුණ බෞද්ධ මහා සම්මේලනයේ උප සභාපති, නේපාලයේ කත්මණ්ඩු අගනුවර චාරුමතී බෞද්ධ මහා විහාරස්ථානයේ නිර්මාතෘ හා සභාපතීත්වය හොබවන ගෞරවාර්හ තපස්සි ධම්ම නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ 35 වසරක ශාසනික හා සමාජීය මෙහෙවර අගයමින් ශ‍්‍රී ලංකාවෙන් ගෞරව උපහාර පිරිනැමීමක් පසුගියදා සිදුකෙරිණි.

බිංගිරිය - කොවුල්වැව ශ‍්‍රී ධර්මාරාම පුරාණ මහා විහාරයේ විහාරාධිපති රාජකීය පණ්ඩිත ගෞරවාර්හ හොරගස් අගාරේ සිරි සුසීම නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ අනුශාසනා පරිදි විහාරස්ථ දායක සභාව විසින් සංවිධානය කළ මෙම ගෞරව උපහාර පිරිනැමීමේ උත්සව අවස්ථාවට ගිහි පැවිදි විශාල පිරිසක් එක්ව සිටියහ.

ගෞරවාර්හ තපස්සි ධම්ම නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ ආදර්ශවත් එමෙන්ම, ගෞරවණීය ශාසනික මෙහෙවර පිළිබඳව මෙහිදී සිහිපත් කරමින් ඊට අදාල සන්නස් පත‍්‍රය සිරි සුසීම නාහිමිපාණන් වහන්සේ විසින් ගෞරවාර්හ තපස්සි ධම්ම නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ වෙත පිරිනැමූහ.

වසර ගණනාවක් ලක් දෙරණේ වැඩසිටිමින්, මෙරට සැදැහැවතුන්ගේ ආධ්‍යාත්මික ගුණවගාවන් වඩා වර්ධනය කරවා ගැනීම පිණිස අර්ථයෙන් මෙන්ම, ධර්මයේ ද දහම් දේශනා කළ ගෞරවාර්හ තපස්සි ධම්ම නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ, සුමධුර ධර්ම කථිකයාණන් වහන්සේ නමක් වශයෙන් මෙන්ම, මහානුභාව සම්පන්න පිරිත් සූත‍්‍ර දේශනා කිරීමේ දහජ දක්‍ෂතා ඇති ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ නමක් වශයෙන් ද බොහෝ දෙනාගේ ගෞරවාදරයටත්, නිබඳ පැසසුමට ලක් වූ මහ තෙර නමකි.

ශ‍්‍රී ලංකා අමරපුර මහා නිකායේ අමරපුර පාර්ශ්වයේ අභිනව මහානායක, මියැන්මාරයේ යැංගුන් නුවර ශ‍්‍රී ලංකා බෞද්ධ මධ්‍යස්ථානය, නේපාලයේ කත්මණ්ඩු අගනුවර ස්වර්ණපුර චාරුමතී පුරාණ රජමහා විහාරය, ගල්කිස්ස ධර්මාපාලාරාමය, කතරගම උපාලි ධර්මාශ‍්‍රමය යන විහාරයන්හි අධිපති, ධම්මපාල වංශාලංකාර, සද්ධර්ම කීර්ති ශ‍්‍රී ත‍්‍රිපිටක විශාරද, අග්ගමහා පණ්ඩිත මහාමහෝපාධ්‍යාය අතිගෞරවාර්හ කොටුගොඩ ධම්මාවාස මහානායක මාහිමිපාණන් වහන්සේගේ ශිෂ්‍යරත්නයක් වෙමින් ලද පන්නරය තුළින් අදටත් ගෞරවාර්හ තපස්සි ධම්ම නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ සුවිසල් වැඩකොටසක් නේපාලයේ සිදු කරනු ලබති.

සාර්ථකත්වයෙන් පිරුණු අර්ථාන්විත පැවිදි දිවියක් පුරන ගෞරවාර්හ තපස්සි ධම්ම නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ දැක්ම මැනැවින් අවබෝධ කරගත් ජාත්‍යන්තර බෞද්ධ සංවිධාන නිරන්තරයෙන් ම තම තමන්ගේ රටවල දේශනා පැවැත්වීම පිණිස තපස්සි ධම්ම නාහිමියන්ට ආරාධනා කරනු ලැබේ.

පසුගිය වසරේ සැප්තෑම්බර් මාසයේ තායිලන්තයේ අයුත්තියා හි පැවැති ලෝක තරුණ බෞද්ධ මහා සම්මේලනයේ දී උප සභාපති ධූරයකින් ද පිදුම් ලැබූ ගෞරවාර්හ තපස්සි ධම්ම නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ, පසුගිය දා නේපාල භික්‍ෂු සංගමයේ විධායක කමිටු සාමාජික තෙර නමක් වශයෙන් ද තේරී පත්වුණි.

View the embedded image gallery online at:

  • "Mettavalokanaya” is a registered in Sri Lanka Government with International Standard.
  • Registered at Department of National Archives in Sri Lanka 424551/05/01/2016
  • Registered at National Intellectual Property Office of Sri Lanka ACT NO.36 OF 2003 - Class 16 / 179486
  • Registered at International Standard Serial Numbering Project (ISSN) 2345-9093 / BAR CODE 9 772345 909003

“Mettavalokanaya”,
Mettavalokana Buddhist Publications Centre,
No.104/E, Aththanagalla Road, Walpola, Rukgahawila, Sri Lanka.

Telephone - + 94 777 551666
Fax - + 94 3322 81257
E-mail - info@meththawalokanaya.com
Website - www.meththawalokanaya.com
Facebook - Meththawalokana Buddhist Publications Centre