T

තායිවානය මහත් හරසරින් බුදු උපත ජාත්‍යන්තරව සමරයි....

තායිවානයේ පිහිටි නව තායිපේ බෞද්ධ සංගමය හා චීන තරුණ බෞද්ධ සංගමය එක්ව මෙවර මහත් හරසරින් යුක්තව ජාත්‍යන්තරව සම්බුදු උපත සමරනු ලැබීය. නව තායිපේ නගර මධ්‍යයේ පිහිටි චූචෙන්ග් සී ෆා චෑන් විහාරස්ථාන පරිශ‍්‍රයේ පැවැති මෙම අසිරිමත් වෙසක් සැමරුම සඳහා රටවල් 10 ක නියෝජිතයින් 50 කටත් අධික සංඛ්‍යාවක් සහභාගී වී සිටියහ.

නව තායිපේ බෞද්ධ සංගමයේ සභාපති අතිගෞරවාර්හ චින්ග් යා ඕ නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ සහ ලෝක භික්‍ෂුණී සංගමයේ හා තායිවානයේ පිහිටි චීන තරුණ බෞද්ධ සංගමයේ සභාපතිනි සහ ලෝක තරුණ බෞද්ධ සංගමයේ අනුශාසක අතිගෞරවාර්හ ආචාර්ය මින්ග් යු භික්‍ෂුණීන් වහන්සේ එක්ව මෙම අභිමානවත් වෙසක් සැමරුම සංවිධානය කරනු ලැබූහ.

ජාත්‍යන්තර වෙසක් සැමරුමට සමඟාමීව ජාත්‍යන්තර සමුළුවක් ද මෙහිදී පවත්වනු ලැබීය. කාලීන වශයෙන් ඉතා වැදගත් මාතෘකා පාඨයන් රැසක් ඔස්සේ කතිකාවතක් ගොඩ නැංවූ මෙම සමුළුව බෙහෙවින් අරුත්බර විය. එමෙන්ම, එක් එක් රටවල වෙසක් සැමරුම පවත්වන ආකාරය සම්බන්ධයෙන් වූ වීඩියෝ දර්ශන මාලාවක් ද මෙහිදී විකාශය කෙරිණි. පැමිණ සිටි ලෝක නියෝජිතයන්ට එම වීඩියෝ දර්ශන පෙළ අලුත් අත්දැකීමක් එක් කරන්නට සමත් විය.

මෙහිදී අදහස් දැක්වූ ලෝක නියෝජිතයින් පෙන්වා දෙනු ලැබූයේ මෙවන් සම්මන්ත‍්‍රණ හා වැඩමුළු තුළින් සුවිසල් මෙහෙවරක් කරන්නට ලෝකවාසීන්ට අවස්ථාවක් එළඹෙන බවයි. එමෙන්ම, එකිනෙකාගේ අදහස් හුවමාරු කර ගැනීම තුළින් යහපත් සමාජ වටාපිටාවකට ඇවැසි පසුබිම සකස් කෙරෙන බව ද මෙහිදී අවධාරණය කෙරිණි.

View the embedded image gallery online at:

  • "Mettavalokanaya” is a registered in Sri Lanka Government with International Standard.
  • Registered at Department of National Archives in Sri Lanka 424551/05/01/2016
  • Registered at National Intellectual Property Office of Sri Lanka ACT NO.36 OF 2003 - Class 16 / 179486
  • Registered at International Standard Serial Numbering Project (ISSN) 2345-9093 / BAR CODE 9 772345 909003

“Mettavalokanaya”,
Mettavalokana Buddhist Publications Centre,
No.104/E, Aththanagalla Road, Walpola, Rukgahawila, Sri Lanka.

Telephone - + 94 777 551666
Fax - + 94 3322 81257
E-mail - info@meththawalokanaya.com
Website - www.meththawalokanaya.com
Facebook - Meththawalokana Buddhist Publications Centre