T

පින්බර දායකත්වය

දවසේ මෙත් සිතිවිල්ල

ආයුබෝවන්

මෙත්තාවලෝකනය නිල වෙබ් අඩවියට පිවිසි ඔබ මෙත් සිතින් පිළිගනිමු !


තුන්ලෝකාග්‍ර වූ අප අමාමෑණී ලොව්තුරු සම්මා සම්බුදූරජාණන් වහන්සේ විසින් වාදාළා වූ සුවාසූ දහසක් උතුම් ශ්‍රී සද්ධර්මස්කන්ධයෙන් පිරුණු අසිරිමත් බුදූ දහමේ අගය වෙන කවරදාකටත් වඩා වර්තමානයේ දී ජන ජීවිත වලට දැනෙන්නට පටන් ගෙන තිබේ.

මිනිස් වර්ගයා තම දෛනික කටයුතු සිදූ කරගෙන යන අතරවාරයේ දී පැන නඟිින්නා වූ විවිධාකාර කරදර බාධක හමුවේ පත්වන මානසික අසහනකාරීත්වයට මෙන්ම, ලෞකික ජීවිතයේ ඇති වන්නා වූ ගැට`ඵකාරී තත්ත්වයන්ටත් සදාකාලික පිහිටක්" පිළිසරණක් ඇත්තේ නිර්මල වූ බුදූ දහමේ බව බොහෝ දෙනාට අද අවබෝධ වී ඇත.

ලෝකය දෙස බැලුව ද අපට දැක ගත හැකි නවීනතම ප්‍රවණතාවය වන්නේ, බොහෝ දියුණු රටවල වෙසෙන උගත්, බුද්ධිමත් පිරිස් තම ජීවිත වලට සැබෑ ම වූ ආධ්‍යාත්මික සුවයක් ලබා ගැනීම පිණිස සත්‍යය සොයා බුදූ දහම ශීග්‍රයෙන් වැළඳ ගන්නා ආකාරයකි.

මෙවන් වටාපිටාවක දහමේ සා පිපාසාවෙන් පෙළෙන සුවහසක් වූ ශ්‍රී ලාංකික දූ පුතණුවන් වෙනුවෙන් උතුම් වූ ශ්‍රී සද්ධර්මස්කන්ධයේ සිසිලස ලබා දීමේ උදාරතර අරමුණ පෙරදැරිව "මෙත්තාවලෝකනය නමින් බෞද්ධ මාසික සඟිරාවක් මෙන්ම නිල වෙබ් අඩවියක් ද කලඑළි බැසීය.

මෙත්තාවලෝකනයේ අපේ දැක්ම වන්නේ, දෙස් විදෙස් හි වෙසෙන දූ පුතුනට මෙන්ම තරුණ පිරිසට හා වැඩිහිටියන්ට ද ඉතාමත් සරලව" සමීපව දැනෙන පරිද්දෙන් නිවැරදි දහම් කරුණු කියා දී ඔවුනොවුන්ගේ සදහම් ඥානය වඩවා සැදැහැති ශක්ෂාකාමීයෙකු වශයෙන් ඔවුනොවුනගේ දිවිගමන වඩාත් අර්ථාන්විතව සාක්ෂාත් කරවාලීම ය.

Read More...

මෙත් පුවත්

”මෙත්තාවලෝකනය” චීනයට...

May 01, 2017 - 10.22 p.m.

ජාත්‍යන්තර අත්දැකීම් සමුදායක් සමඟින් ශ‍්‍රි ලාංකේය සඟරා කලාවට පිවිසි ”මෙත්තාවලෝකනය” මාසික බෞද්ධ සඟරාව වසර එක හමාරක් වැනි ඉතාමත් කෙටි කාලයක් තුළ දී දිවයිනේ සිව් දෙස ම ආවරණය කරමින් බෙදා හරින අතරතුරේ දී ලෝකයේ රටවල් 40 කටත් වඩා වැඩි ප‍්‍රමාණයකට ද බෙදා හැරීමට සමත්විණි....

තායිලන්තය පුණ්‍යභූමි දිනය මහත් හරසරින් සමරයි...

April 30, 2017 - 08.46 a.m.

පසුගිය අපේ‍්‍රල් මස 22 වෙනිදාට යෙදුන පුණ්‍යභූමි දිනය මහත් හරසරින් සැමරීමට දහස් සංඛ්‍යාත ජනකායක් තායිලන්තයේ සුවිසල් වට් ප‍්‍රා ධම්මකාය විහාරස්ථාන පරිශ‍්‍රය වෙත පැමිණියහ. සුදෝ සුදු වතින් සැරසී පැමිණ සිටි මෙම සැදැහැවතුන් විසින් විහාරස්ථානයේ වැඩවාසය කරන්නා වූ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේලා වෙනුවෙන් සිවුරු, පිරිකර ආදිය හදබැතියෙන් පූජා කරනු ලැබූහ...

ඉන්දීය - ජපාන සහයෝගිතා ජාත්‍යන්තර බෞද්ධ සමුළුව...

April 28, 2017 - 12.05 p.m.

ඉන්දීය - ජපාන සහයෝගිතාවය මඟින් බුදු දහමේ සිසිලස ලෝකවාසීන්ට ව්‍යාප්ත කරවාලීමේ උදාරතර අරමුණ පෙරදැරිව ඉන්දියාවේ සමුත්තන් පදනම විසින් සංවිධානය කරනු ලැබූ ඉතාමත් සාර්ථක ජාත්‍යන්තර සමුළුවක් පසුගිය දා පැවැත්වූයේ ඉන්දියාවේ නවදිල්ලි අගනුවර, ස්කෝප් සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේ දී ය....

නේපාලයේ පැවැත්වෙන ලෝක සංස්කෘතික සාම පා ගමන...

April 27, 2017 - 03.27 p.m.

ලෝක සාමය පතා නේපාලයේ කත්මණ්ඩු අගනුවර චාරුමතී බෞද්ධ සභාව විසින් විශේෂ පා ගමනක් මේ වසර අවසානයේ දී සංවිධානය කිරීමට සියලු පියවර ගෙන තිබේ.නේපාල භික්‍ෂු සංගමයේ විධායක කමිටු සාමාජික, ලෝක තරුණ බෞද්ධ මහා සම්මේලනයේ උප සභාපති, නේපාලයේ කත්මණ්ඩු අගනුවර චාරුමතී බෞද්ධ මහා විහාරස්ථානයේ නිර්මාතෘ හා සභාපතීත්වය හොබවන ගෞරවාර්හ තපස්සි ධම්ම නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ පූර්ණ මැදිහත්වීම මත මෙම ජාත්‍යන්තර සාම පා ගමන සංවිධානය කරනු ලැබේ...

ඉන්දියාවේ ලලිත්පූර් සිව් වන ජාත්‍යන්තර බෞද්ධ සමුළුව හා ධම්ම යාත‍්‍රාව...

April 26, 2017 - 07.12 p.m.

ඉන්දියාවේ ලලිත්පූර් සුමේධ භූමි විහාරස්ථානයේ විහාරාධිපති ගෞරවාර්හ ආචාර්ය සුමේධ නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ හා විහාරස්ථ දායක සභාව විසින් සංවිධානය කරනු ලැබූ ඉන්දියාවේ ලලිත්පූර් සිව් වන ජාත්‍යන්තර බෞද්ධ සමුළුව හා ධම්ම යාත‍්‍රාව ඉතාමත් සාර්ථක අයුරින් මෙවරත් පසුගිය අපේ‍්‍රල් මස 08 සහ 09 යන දෙ දිනේ දී පැවැත්විණි...

මාසික සඟරාව

සෙත් පිරිත්

භාවනා

ධර්ම දේශනා

ලෝක බෞද්ධ උරුමයන්

Visitors Counting

අපේ වෙනත් ප්‍රකාශන

  • පින්බර දොළොස් පෝදා ග්‍රන්ථය
    පින්බර දොළොස් පෝදා ග්‍රන්ථය වසරේ සෑම මසකම උදාවන පුර පසළොස්වක පොහොය දිනය හා සම්බන්ධ විශේෂ සිදූවීම් මාලාවක් තිබේ. ශාන්ති නායක අමාමෑණී ලොව්තුරු සම්මා සම්බුදූරජාණන් වහන්සේගේ සම්බුදූ දිවිය සහ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරසථිතිය පතා සිදූ වූ සිදූවීම් මාලාවක උතුම් සැමරුමක් වන මේ උතුම් පුරපසළොස්වක පොහොය දිනය" පාරිසරික වශයෙන් මෙන්ම ආධ්‍යාත්මික වශයෙන් ද ඇති කරළන්නේ නැවුම්…
  • "වඳිනෙමි දඹදිව බුද්ධභුමි" ග්‍රන්ථය සංසාර සාගරයේ ඉපදෙමින් මැරෙමින් යළිත් ඉපදෙමින් සාරාසංඛෙය්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලේ පාරමී දම් පුරා" උපදින උපදින ඒ ඒ ආත්මභවයන්හදී මිහිපිට සත්ත්වයෙකු කිසිදා නොවිඳිනා අනේකවිධ දූක් කම්කටොළු අනන්ත අප්‍රමාණව වඳ දරා ගනිමින් අවසානයේ මිනිසත් ආත්මභවයක ඉපිද" සාමාන්‍ය ජනයාගේ ජනහදවත් බුද්ධියෙන් මනාව ස්පර්ශ කර" ජීවිතයේ ඇති අනිත්‍යතාවය මැනැවින් අවබෝධ කරගෙන සියලූ කෙළෙසුන් නසා…
  • "අමාදම් සිසිලස" ග්‍රන්ථ 01" 02" 03" 04" 05 සුවහසක් වූ බොදූ බැතිමතුන්ගේ සිතට බුද්ධාලම්බන ප්‍රීතියක් එක් කරමින් සෑම පුන් පොහෝ දිනක ම ශී්‍ර ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ එවකට හිටපු අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ හා ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිනියගේ සංවිධායකත්වයෙන් කොළඹ අරලියගහ මන්දිරයේ දී පවත්වනු ලැබූ "අමාදම් සිසිලස" ධර්ම දේශනා මාලාවේ ප්‍රථම ධර්ම දේශනා 125 ඇතුළත්…
  • "Mettavalokanaya” is a registered in Sri Lanka Government with International Standard.
  • Registered at Department of National Archives in Sri Lanka 424551/05/01/2016
  • Registered at National Intellectual Property Office of Sri Lanka ACT NO.36 OF 2003 - Class 16 / 179486
  • Registered at International Standard Serial Numbering Project (ISSN) 2345-9093 / BAR CODE 9 772345 909003

“Mettavalokanaya”,
Mettavalokana Buddhist Publications Centre,
No.104/E, Aththanagalla Road, Walpola, Rukgahawila, Sri Lanka.

Telephone - + 94 777 551666
Fax - + 94 3322 81257
E-mail - info@meththawalokanaya.com
Website - www.meththawalokanaya.com
Facebook - Mettavalokana Buddhist Publications Centre