T

News Archives

14
Sep2016

අතිගෞරවාර්හ මුරුංගස්යායේ ඤාණීස්සර නාහිමිපාණන් වහන්සේගේ නිමක් නැති ශාසනික හා සමාජීය මෙහෙවරේ තවත් එක් ස්වර්ණමය අවස්ථාවක්...

අතිගෞරවාර්හ මුරුංගස්යායේ ඤාණීස්සර නාහිමිපාණන් වහන්සේගේ නිමක් නැති ශාසනික හා සමාජීය මෙහෙවරේ තවත් එක් ස්වර්ණමය අවස්ථාවක්...

ප‍්‍රංශයේ ප‍්‍රධාන අධිකරණ සංඝනායක, පැරිස් නුවර ජේතවන බෞද්ධ විහාරාධිපති අතිගෞරවාර්හ මුරුංගස්යායේ ඤාණීස්සර නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම ලක් දෙරණේත්, ජාත්‍යන්තරයේත් පිනට පහළ වූ අනභිබවනීය යතිවරයාණන් වහන්සේ නමකි. තමන් වහන්සේ වෙත පූජා කරනු ලබන සිව්පසය සම්බන්ධයෙන් කිසිදා කිසිවිටෙකත් ගිජු නො වන අපේ ඤාණීස්සර නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ, ලැබෙන සෑම දෙයක් ම අසරණ දනන් වෙත යළි යළිත් පරිත්‍යාග කිරීම තම පැවිදි දිවියේ පුරුද්දක් කර ගෙන සිටිති. නිම් හිම් නැති තමන් වහන්සේගේ ශාසනික හා සමාජීය මෙහෙවරේ තවත් එක් ස්වර්ණමය සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් අතිගෞරවාර්හ මුරුංගස්යායේ ඤාණීස්සර නාහිමිපාණන් වහන්සේ පසුගියදා මිද්දෙණිය ග‍්‍රාමීය රෝහලට රුපියල් කෝටි 03 ක වියදමින් අභිනව අංගසම්පූර්ණ වාට්ටු සංකීර්ණයක් ඉදිකර දුන්නේ...

08
Sep2016

ජපානයේ නීගතා හි දී අභිනවයෙන් විවෘත වූ ”නීගතා සකමුණි”බෞද්ධ විහාරය...

ජපානයේ නීගතා හි දී අභිනවයෙන් විවෘත වූ ”නීගතා සකමුණි”බෞද්ධ විහාරය...

අත්යාලංකාරයෙන් බබළන සුන්දර ජපානයේ නීගතා හි දී අභිනවයෙන් ඉදිකළ ”නීගතා සකමුණි” බෞද්ධ විහාරය, ජපන් සහ ශ්රීලාංකික බොදුනුවන් රැසකගේ සහභාගීත්වයෙන් පසුගියදා විවෘත කෙරුණේ සුුබමුහුර්තයෙනි. අවසීමා සහ සදෝ යන දූපත් වලින් වටවූ නීගතා නගරය, එම ප්රාන්තයේ ප්රධානතම නගරය වශයෙන් මෙන්ම වැඩි ම ජනගහනයකින් ද සමන්විත නගරය ලෙසින් සැලකේ. උඩරට අමරපුර මහා නිකායේ අනුනායක ධූරන්දර, ජපානයේ ටෝකියෝ සකමුණි ජාත්යන්තර බෞද්ධ මධ්යස්ථානයේ සහ නීගතා සකමුණි බෞද්ධ විහාරාධිපති, විහාරගොඩ දිඹුලාන පුරාණ විහාරාධිපති, ශ්රී ධම්මානන්ද පිරිවෙනේ අධ්යක්ෂ, ජපන් - ශ්රී ලංකා ජාත්යන්තර සංස්කෘතික හා සමාජ සංවර්ධන පදනමේ ගරු සභාපති, ජපානයේ ප්රධාන සංඝනායක, ශ්රී ධම්මානන්ද බුද්ධරක්ඛිත වංශාලංකාර විශ්ව කීර්ති ශ්රී පණ්ඩිත ශාස්ත්රපති අතිගෞරවාර්හ යාලගමුවේ ධම්මිස්සර අනුනායක ස්වාමීන්ද්රයාණන්...

06
Aug2016

ආසියානු තරුණ බෞද්ධ සමළුව මහත් හරසරින් තායිවානයේ දී...

ආසියානු තරුණ බෞද්ධ සමළුව මහත් හරසරින් තායිවානයේ දී...

තාරුණ්‍යය බෞද්ධාගමික මුහුණුවරකින් අර්ථාන්විත කර ගැනීම උදෙසා රටවල් 17 ක එකතුවෙන් ඇති කරගත් "ආසියානු තරුණ බෞද්ධ සමළුව" මහත් හරසරින් යුක්තව පසුගියදා තායිවානයේ එවර්ග්‍රීන් ලුරල් හදී පැවැත්විණි. ජූලි 26 වෙනිදා සිට 31 වෙනිදා දක්වා පුරා දි 06 ක් තිස්සේ පැවැති මෙම සමළුව සඳහා ගිහි පැවිදි දෙපාර්ශ්වයේ ම තරුණ පිරිස් සහභාගී වී සිටි අතර, කාලීන වශයෙන් වැදගත් තරුණ අදහස් බොහොමයක් මෙහදී සුහදව හුවමාරු කර ගැනිණි. මෙම අවස්ථාවට නේපාලය නියෝජනය කරමින් වැඩම කර සිටි නේපාලයේ චාරුමතී විහාරස්ථානයේ නිර්මාතෘ මෙන්ම සභාපතීත්වය ද උසුලන, අතිගෞරවාර්හ තපස්සි ධම්ම නායක ස්වාමීන්රයාණන් වහන්සේගේ ශාසනික සේවාව ඇගයීමකට ලක් කරමින් විශේෂ සම්මානයක් ද පිරිනැමූහ. ආසියාතික රටවල් 17 ක් නියෝජනය කරමින්...

26
Jul2016

අසරණ වූ කොස්ගම සාලාව ග්‍රාමයේ ජනයාට තායිවානයෙන් මුළුතැන් ගෙයි උපකරණ...

අසරණ වූ කොස්ගම සාලාව ග්‍රාමයේ ජනයාට තායිවානයෙන් මුළුතැන් ගෙයි උපකරණ...

පසුගියදා කොස්ගම සාලාව යුද හමුදා කඳවුරේ ඇතිවූ හදිසි පිපිරීම් තත්ත්වය හේතුවෙන් අසරණතාවයට පත් කඳවුර අවට ජනයා වෙත සහන සැලසීමේ වැඩපිළිවෙළක් පසුගියදා ක්‍රියාත්මක වූයේ අත්තනගල්ල ශ්‍රී අරහන්ත රාජමහා විහාරය, ඇමෙරිකාවේ හියුස්ටන් බෞද්ධ විහාරය, තායිවානයේ ප්‍රථම ථේරවාද බෞද්ධ විහාරය යන විහාරයන්හි විහාරාධිපති" ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් ධර්ම විජය බෞද්ධ විහාරයේ ලේඛකාධිකාරී, සීනාදි සිව් කෝරළයේ ප්‍රධාන සංඝනායක මහෝපාධ්‍යාය ආචාර්ය අතිගෞරවාර්හ පන්නිල ශ්‍රී ආනන්ද නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ මූලිකත්වයෙනි. ඒ අනුව, තායිවානයේ ටියැන් යුයී, යුවාන් හුන්ග් චී රෙන් සහ තා යුවාන් යන විහාරස්ථානයන්ගේ දායකත්වයෙන් රුපියල් ලක්ෂ 40 ක් පමණ වටිනා ද්විත්ව ලිප් සහිත ගෑස් කුකර්,රෙගුලේටර් සහ ගෑස් සිලින්ඩර් කට්ටල පවුල් 387 ක් වෙත බෙදා දෙනු ලැබුවේ...

03
Jun2016

මෙත්තාවලෝකනය මැලේසියාවට...

මෙත්තාවලෝකනය මැලේසියාවට...

බුදූ දහම සම්බන්ධයෙන් වූ හර පද්ධතීන් මනාව අවබෝධ කරවාලමින්, වත්මන් තරුණ පරපුරට මෙන්ම වැඩිහිටි සැමදෙනාටම දහම් කරුණු කියාදෙමින් මහගු මෙහෙවරක් දියත් කරනු ලබන මැලේසියාවේ "නාලන්දා" බෞද්ධ අධ්‍යාපන ආයතනය, ලොව පුරා සුප්‍රසිද්ධ බෞද්ධ ආයතනයකි. ලෝකයේ බොහෝ පිරිසක් දිනපතා ම පාහේ මැලේසියාවේ සේලංගර් හි පිහිටි මෙම "නාලන්දා" බෞද්ධ අධ්‍යාපන ආයතන මූලස්ථානය නැරඹීමට මෙන්ම අධ්‍යයනය කිරීමට ද පැමිණේ. සමස්ත ලෝකවාසීන්ට ම විවෘත සම්මන්ත්‍රණ, ධාර්මික පාඨමාලා, භාවනා වැඩසටහන්, බොදූනු අධ්‍යාපන කඳවුරු හා සම්මේලන ආදිය නිරන්තරයෙන් ම මෙහිදී පැවැත්වේ. උතුම් වූ නිර්මල බුදූ දහම ලොව පුරා විසිර පැතිරවීමට මැලේසියාවේ "නාලන්දා" බෞද්ධ අධ්‍යාපන ආයතනය ගන්නා මෙම මා හැ`ගි උත්සාහය අගය කරමින්, ශ්‍රී ලංකාවේ "මෙත්තාවලෝකන" බෞද්ධ ප්‍රකාශන...

01
Jun2016

2013 මූලික පිරිවෙන් අවසන් විභාගය ඉහළින්ම සමත් වූ සාමණේර ස්වාමීන්වහන්සේලා දස නම මැලේසියාවේ අධ්‍යාපන චාරිකාවක...

2013 මූලික පිරිවෙන් අවසන් විභාගය ඉහළින්ම සමත් වූ සාමණේර ස්වාමීන්වහන්සේලා දස නම මැලේසියාවේ අධ්‍යාපන චාරිකාවක...

ෙගෟතම ශ්‍රී සම්මා සම්බුදූ සසුන් කෙත අස්වද්දමින් උතුම් වූ ශ්‍රී සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කරවනා මහා පවුර වන්නේ, ගෞරවණීය වූ අප මහා සඟරුවනයි. එවන් යතිවරයාණන් වහන්සේලා බිහිකරවනා මහා තක්සලාව වන්නේ, "පිරිවෙන" යි. 2013 වසරේ දෙසැම්බර් මාසයේ පැවැති මූලික පිරිවෙන් අවසන් විභාගයෙන් දිවයිනේ ඉහළ ම ලකුණු ලබා ඉතාමත් උසස් අයුරින් සමත් වූ සාමණේර ස්වාමීන්වහන්සේලා දස නම වෙත මහත් වූ භාග්‍යයක් පසුගියදා උදා විණි. සසුනඹර පෝෂණය කරවන ස්වාමීන්ද්‍රයාණන් වහන්සේලාගේ මෙන්ම දැයේ අනාගතය බාර ගන්න සිටිනා සුවහසක් ශ්‍රී ලාංකීය දූ පුතුනගේ ද අධ්‍යාපනික අවශ්‍යතා සම්බන්ධයෙන් නිරන්තරයෙන් සොයා බලන මැලේසියාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක, සෙන්තූල් ශ්‍රී ලංකා බෞද්ධ මහා විහාරයේ විහාරාධිපති අතිගෞරවාර්හ බූටාවත්තේ ශ්‍රී සරණංකර නායක...

30
May2016

ඉනදියාවේ හා මියැන්මාරයේ පිහිටි බෞද්ධ සිද්ධස්ථාන එකවර වැඳ පුදා ගැනීමට එයාර් ඉනදියා ගුවන් සේවය නවතම ගුවන් ගමන් අවසර පත්‍රයක් හඳුන්වා දෙයි...

ඉනදියාවේ හා මියැන්මාරයේ පිහිටි බෞද්ධ සිද්ධස්ථාන එකවර වැඳ පුදා ගැනීමට එයාර් ඉනදියා ගුවන් සේවය නවතම ගුවන් ගමන් අවසර පත්‍රයක් හඳුන්වා දෙයි...

ජාත්‍යන්තර ගුවන් ගමනාන්ත 41 කට හා අභ්‍යන්තර ගුවන් ගමනාන්ත 69 කට, වසර 84 ක් පුරා සේවා සපයන එයාර් ඉනදියා ගුවන් සේවය, ලෝකයේ ප්‍රමුඛ පෙළේ ගුවන් සමාගමකි. ගුවන් සේවා ඉතිහාසයේ පළමු වතාවට එයාර් ඉනදියා ගුවන් සේවය, නවතම ගුවන් ගමන් අවසර පත්‍රයක්, හදූන්වා දෙමින් ලක්වාසී බොදූනු බැතිමතුන්ට ඉනදියාවේ හා මියැන්මාරයේ පිහිටි බෞද්ධ සිද්ධස්ථාන එකවර වැද පුදා ගැනීමේ අවස්ථාව දැන් උදා කර දී ඇත. ඒ අනුව, දඹදීව වන්දනාවේ යන බැතිමතුන්ට ඉන් නො නැවතී මියැන්මාරයේ යැන්ගූන්, මණ්ඩලේ, මියැන්මු හා බගන් හි පිහිටි ලෝක ප්‍රකට බෞද්ධ සිද්ධස්ථාන දැක බලා වැද පුදා ගත හැකිවේ. චෙන්නායි හා නවÈල්ලිය වෙත දීනකට දෙවරක් පියාසර කරනු ලබන එයාර් ඉනදියා ගුවන්...

06
Apr2016

මහත් උත්සවශ්‍රීයෙන් නේපාලයේ කත්මණ්ඩු චාරුමතී ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට මුල් ගල් තැබූ දා....

මහත් උත්සවශ්‍රීයෙන් නේපාලයේ කත්මණ්ඩු චාරුමතී ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට මුල් ගල් තැබූ දා....

තිලොවට තිලක වූ අප භාග්‍යවත් අරහත් ශාන්ති නායක අමාමෑණී සම්මා සම්බුදූරජාණන් වහන්සේ විසින් අනුදැන වදාළා වූ සුවාසු දහසක් උතුම් ශ්‍රී සද්ධර්මස්කන්ධය ලොව දසත විසිර පැතිරවීම යථාර්ථයක් කරනු පිණිස" අති දැවැන්ත සද්කාර්යයකට නේපාලයේ බොදූනුවන් අද (2016.04.05- පෙරවරු 11.03 ට යෙදූන සුබමුහුර්තයෙන් මුල පිරූහ. නේපාලයේ කත්මණ්ඩු අගනුවර සිට කිලෝමීටර් 27 ක් ඈතින් පිහිටි නගර්කෝට් හි අක්කර 17 ක භූමිභාගයක ඉඳිවන අභිනව "චාරුමතී ලෝක බෞද්ධ මධ්‍යස්ථානය" ට මුල් ගල් තැබීම ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ හිටපු සභාපති, ගල්කිස්ස ධර්මාපාලාරාමය, කතරගම උපාලි ධර්මාශ්‍රමය, නේපාලයේ කත්මණ්ඩු නුවර ස්වර්ණපුර චාරුමතී පුරාණ රජමහා විහාරය, මියැන්මාරයේ යැංගුන් නුවර ශ්‍රී ලංකා බෞද්ධ මධ්‍යස්ථානය යන විහාරයන්හි අධිපති, ධම්මපාල වංශාලංකාර...

  • "Meththawalokanaya” is a registered in Sri Lanka Government with International Standard.
  • Registered at Department of National Archives in Sri Lanka 424551/05/01/2016
  • Registered at National Intellectual Property Office of Sri Lanka ACT NO.36 OF 2003 - Class 16 / 179486
  • Registered at International Standard Serial Numbering Project (ISSN) 2345-9093 / BAR CODE 9 772345 909003

“Meththawalokanaya”,
Meththawalokana Buddhist Publications Centre,
No.104/E, Aththanagalla Road, Walpola, Rukgahawila, Sri Lanka.

Telephone - + 94 777 551666
Fax - + 94 3322 81257
E-mail - info@meththawalokanaya.com
Website - www.meththawalokanaya.com
Facebook - Meththawalokana Buddhist Publications Centre