T

සිතෙහි ඇති පංචනීවරණ යටපත් කරන සමථ භාවනාව


භාවනා කිරීම සම්බන්ධයෙන් ලෝකවාසී බෞද්ධ හා බෞද්ධ නොවන පිරිස් අතර ඇත්තේ මහත් ඕනෑකමකි. භාවනාවේ ඇති වැදගත්කම පෙරට වඩා අද වඩාත් සමීප සැමදෙනාටම දැනෙන්නට පටන් ගෙන තිබේ. ආකූල ව්‍යාකූල වූ වත්මන් ජන සමාජ රටාවේ මිනිසා යාන්ත්‍රිකකරණයකට පත්ව ඇති නිසා මානසික සුවතාවයක් බලාපොරොත්තුවෙන් සිටී. ඒ සිසිලස සැබෑ ලෙස ම අත්විදිය හැක්කේ භාවනාවෙන් බවයි ඔවුනොවුනගේ මතය.

බුදූදහමේ දී භාවනාව කොටස් දෙකකට බෙදා වෙන් කරයි. ඉන් එකක් වන්නේ, සමථ භාවනාවයි. අනිත් භාවනාව "විපස්සනා භාවනාව" යි. මෙම ලිපිය මඟින් සමථ භාවනාව සම්බන්ධයෙන් ඔබව දැනුවත් කිරීමට බලාපොරොත්තු වන අතර, ලබන කළාපයෙන් විපස්සනා භාවනාව සම්බන්ධයෙන් කරුණු ගෙන හැර දැක්වීමට අපේක්ෂා කෙරේ.

පින්වත්නි, සමථ භාවනාවෙන් ප්‍රමුඛව ම ඉෂ්ට සිද්ධ කරනු ලබන්නේ සිතෙහි ඇති පංචනීවරණ යටපත් කොට ධ්‍යාන ලබා ගැනීමට අවකාශය සලසා දීම යි. එමෙන්ම, කෙලෙසුන් නසා ප්‍රඥාව ලබන විපස්සනා භාවනාවට මූලික ප්‍රවේශය වැටෙන්නේ ද මේ සමථ භාවනාවෙනි. අකුසල චේතනා පහක් සමනය කරවා ගැනීමට ඉවහල් වන නිසා මේ සමථ භාවනාවට ම "සමාධි භාවනාව" කියා ද කියයි.

භාවනාවක් වැඩීම සඳහා කමටහන් නැතහොත් අරමුණු අවශ්‍ය ය. ඒ අනුව මෙම සමථ භාවනාව සඳහා සම සතලිස් කමටහන් යොදා ගැනේ. ඒවා නම "කසිණ දහය යි, අසුභ දහය යි, අනුස්සති දහය යි, බ්‍රාහ්මවිහාර හතර යි, ආරුප්ප හතර යි, ඒකසඤ්ඤා හා ඒකවත්ථාන යි.

සමථ භාවනාව ඔබ ක්‍රමක්‍රමයෙන් වඩන විට ඔබගේ සිතේ පංචනීවරණ යටපත්ව ධ්‍යානය ලැබේ. ඉන් කියැවෙන්නේ" රූපාවචර ධ්‍යාන හතරකින් හා අරූපාවචර ධ්‍යාන හතරකින් සමන්විත අෂ්ට සමාපත්තිලාභියෙකු වනතෙක් ඔබට මෙම සමථ භාවනාව වැඩිය හැකි බව යි.

තම තමන්ගේ උත්සාහයේ ප්‍රතිඵලයක් වශයෙන් සමථ භාවනාවෙන් ඔබ සාර්ථකත්වයට පත්වන්නේ නම්" ඔබට ඉද්ධිවිධඤාණ - (විවිධාකාර වූ සෘද්ධි ප්‍රාතිහාර්යයන් පෑමටත්-" දිබ්බසෝතඤාණ - (පියවි කනින් ඇසිය නොහැකි ශබ්ද ඇසීමේ හැකියාවත්-" පරචිත්ත විජානනඤාණ - (අන් අයගේ සිත් කියවීමේ නුවණත්-" පුබ්බේ නිවාසනුස්සතිඤාණ - (පෙර විසූ ආත්ම ගැන දන්නා නුවණත්-" දිබ්බ චක්ඛුඤාණ - (පියවි ඇසින් දැකිය නොහැකි දේවල් දැකීමේ අවස්ථාවත්- ඔබට හිමි වේ.

සැබැවින් ම සමථ භාවනාව වඩන ඔබට ලෞකික ජීවිතයේ බොහෝ උපකාරයන් ලබා ගැනීමේ හැකියාව ලැබෙනවා සේ ම" උසස් ම ආධ්‍යාත්මික ප්‍රතිඵලය ද අත්පත් කරගැනීමට වාසනාව උදා වේ. එමෙන්ම" ඔබගේ මනස දූර්වල කරවන" ඒ වාගේම ඔබව අවුල් වියවුල් වලට භාජනය කරවන අදහස් හා සිතුම් පැතුම් වලින් ද ඔබව ඈත් කිරීම සමථ භාවනාව වඩන විට සිදූ වේ.

කාමච්ඡන්ද - (කාම වස්තු වෙත ඇති කැමැත්ත-" ව්‍යාපාදය - (අනුන්ව නැසීමේ ඇති අදහස-" Òන මිද්ධ - (සිතෙහි මෙන්ම සිතිවිලිවල ඇති උදාසීනකම-" උද්ධච්ච කුක්කුච්ච - (සිතෙහි ඇති වන නොසන්සුන්කම හා කරන ලද අකුසල් සම්බන්ධයෙන් මෙන්ම නොකළා වූ කුසල් සම්බන්ධයෙන් ද වන පසුතැවිල්ල-" විචිකිච්ඡා - (බුද්ධාදි අට තැන පිළිබඳව ඇති සැකය- නම් වූ මේ පංචනීවරණයන් සමථ භාවනාවෙන් යටපත් වේ.

එනම්, මථ භාවනාවේ අග්‍රඵලය භක්ති විදින ඔබ, කාමුකත්වයෙන් ඉවත් වේ, වැරදි වැඩ නොකරන තැනැත්තෙකු වේ, අලසකමින් අත් මිදේ, කලබලකාරී තත්ත්වයෙන් තොර වෙයි. අසහනකාරීත්වයෙන් මිදී, සත්‍ය වශයෙන් ම ඔබ සුඛී සුවපත්භාවයට පත් වේ. සම්බුදූ දහමේ පරමාර්ථය වන්නා වූ ප්‍රඥාව දියුණු කොට සත්‍යාවබෝධයෙන් පුද්ගල විමුක්තිය ලබා ගැනීමේ උත්තුංග කාර්යයයේ කොටස්කරුවෙකු වීමට ඔබට හැකි වේ.

දිනෙන් දින ප්‍රඥාව දියුණු කර ගත හැකි විපස්සනා භාවනාව



"සමථ භාවනාව" හා "විපස්සනා භාවනාව" යනුවෙන් බුදූ දහමේ දී භාවනාව කොටස් දෙකකින් සමන්විත වන අතර, සිතෙහි ඇති පංචනීවරණ යටපත් කරන සමථ භාවනාව සම්බන්ධයෙන් පසුගිය කළාපයෙන් ඔබව දැනුවත් කෙරිණි. මෙවර මෙම ලිපිය ඔස්සේ අප ඔබව දැනුවත් කිරීමට බලාපොරොත්තු වන්නේ, "විපස්සනා භාවනාව" සම්බන්ධයෙනි.

විපස්සනා භාවනාව මනාව වඩන උත්තමයෙකුගේ ඒකායන අරමුණ වන්නේ, සියලූ කෙලෙසුන්ගෙන් අත්මිදීමයි. පුරාතනයේ නම් වනගතව තවුස්දම් පිරූ තවුස්තුමන්ලාගේ අග්‍ර ඵලය වූයේ පංචාභිඥ අෂ්ට සමාපත්තියයි. බුදූරදූන් ද එවකට සිදූහත් තවුසාණන්ව සිටි සමයේ දී ආලාර කාලාම, උද්ද කරාම පුත්ත යන තවුසන්ගෙන් පංචාභිඥ අෂ්ට සමාපත්තිය ලබා ගත් සේක.

දඹදිව් තලයේ ම සිටි තවුසන් පිළිබඳව මනා අධ්‍යයනයක් සිදූ කළ සිදූහත් තවුසාණෝ, තමන් සොයන, තමන් අපේක්ෂා දල්වා ගෙන බලා සිටින සැබෑ ම වූ විමුක්තියක් මේ කිසිවකු ළඟ නොමැති බව අවබෝධ කරගෙන, අනේකවිධ දූක් කම්කටොළු රාශියක් විඳ දරා තමන් වහන්සේ විසින් ම මහත් පරිශ්‍රමයක් දරා සොයා ගන්නා ලද "ආසවක්ඛ්‍ය ඥානය" තුළින් සත්‍යය සොයා ගත් සේක.

හයවන අභිඥාව වශයෙන් ඉදිරිපත් කළ මෙම ආසවක්ඛ්‍ය ඥානයෙන්, අප සන්තානය තුළ දිගු කලක් තිස්සේ ම රැ`දී පැවතියා වූ සියලූ කෙලෙසුන් නැති කළ හැකි බව මෙම උතුම් නුවණින් දැන ගත හැකි වේ. බුදූ දහමේ දී බලාපොරොත්තු වන්නා වූ විමුක්තිය වන්නේ ද මෙයයි. එසේ නම් මේ අතිඋත්තම තලයට ප්‍රවේශ විය හැක්කේ, "විපස්සනා භාවනාව˜ මනා කොට වැඩීමෙනි.

අනිත්‍ය, දූක්ඛ, අනාත්ම යන ති්‍රලක්ෂණය විවිධාකාරයෙන් යළි යළිත් මෙනෙහි කරමින්" සිතෙහි ඒකාග්‍රතාවයකින් යුතුව භාවනා කිරීම, විපස්සනා භාවනාව යනුවෙන් සරලව අර්ථකථනය කළ හැකිය. එසේ නම්, අප සිදූ කළ යුත්තේ, රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤා නම් වූ පංචස්කන්ධය පිළිබඳව වූ පූර්ණ අවබෝධයක් ලබා ගැනීමයි.

සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, දිට්À විසුද්ධික, ංඛා විතරණ විසුද්ධි, මග්ගාමග්ගඤාණ දස්සන විසුද්ධි, පටිපදාඤාණ දස්සන විසුද්ධි, ඤාණදස්සන විසුද්ධි හත් වැදෑරුම් වූ විසුද්ධි ඇති කර ගත යුතු වේ. තරමක් ගැඹුරු වූ මේ විසුද්ධි මොනවාදැයි දැනගැනීම මෙන්ම අවබෝධ කර ගැනීම ද අතිශයින්ම වටී.

සීල විසුද්ධිය යනුවෙන් අදහස් කරන්නේ, කය සහ වචනය නම් වූ දොරවල් දෙකෙහි සංවරයක් ඇති කරගෙන සුචරිතයේ යෙදීමත්, දූසිරිතෙන් ඈත්ව සිටීමත් මෙන්ම දූසිරිත් සම්බන්ධයෙන් ඇති වන ඇල්ම නැති කර ගැනීමයි.

චිත්ත විසුද්ධිය යනුවෙන් අදහස් කරනු ලබන්නේ, කාමච්ඡන්ද - (කාම වස්තු වෙත ඇති කැමැත්ත- ව්‍යාපාදය - (අනුන්ව නැසීමේ ඇති අදහස-" Òන මිද්ධ - (සිතෙහි මෙන්ම සිතිවිලිවල ඇති උදාසීනකම-" උද්ධච්ච කුක්කුච්ච - (සිතෙහි ඇති වන නොසන්සුන්කම හා කරන ලද අකුසල් සම්බන්ධයෙන් මෙන්ම නොකළා වූ කුසල් සම්බන්ධයෙන් ද වන පසුතැවිල්ල-" විචිකිච්ඡා - (බුද්ධාදි අට තැන පිළිබඳව ඇති සැකය- නම් වූ මේ පංචනීවරණයන් යටපත් කර ගැනීමයි.

දිට්À විසුද්ධිය නම්, පංචස්කන්ධයේ නිත්‍ය, සුඛ, සුභ, ආත්ම වශයෙන් ගත හැකි කිසිවක් නොමැති නිසා ඒ සියල්ල ම හේතු ප්‍රත්‍ය මත හට ගැනෙන බැවින් ඒ සියල්ල රඳා පවතින්නේ හේතු ප්‍රත්‍යයේ ශක්තිය ඇති තුරා පමණක් ය යන බවත්, එම ශක්තිය යම් දාක නැති වුන දා සියල්ල ම අභාවයට යන්නේ යැයි සිතමින් පංචස්කන්ධය පිළිබඳව හරිහමන් අවබෝධයක් ලබා ගැනීමයි.

පංචස්කන්ධය පිළිබඳව අතීත, වර්තමාන, අනාගත වශයෙන් වූ සසර පැවැත්ම ඇති බව හෝ නැති බව පිළිබඳව ඇති වන සැකය දූරු කර ගැනීම, කංඛා විතරණ විසුද්ධිය යි.

උතුම් වූ නිවන් මඟ පසක් කර ගත හැකි හරියාකාර මාර්ගය හා ඊට ප්‍රතිවිරුද්ධ මාර්ගය කවරක් ද යන්න පැහැදිලිවම වෙන් කර දැන ගැනීමේ නුවණ, මග්ගාමග්ගඤාණ දස්සන විසුද්ධිය වේ.

පටිපදාඤාණ දස්සන විසුද්ධිය යනුවෙන් අදහස් කරනු ලබන්නේ, නිර්වාණාවබෝධයට අවශ්‍ය ප්‍රතිපදාව පිළිබඳව නියමාකාරයෙන් තමන් තුළ අවබෝධයක් ඇති කර ගැනීමයි.

ඤාණදස්සන විසුද්ධිය යනු, සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරිහත් යන හතර මහා නුවණ පහළ කරගත් අවස්ථාවයි. මෙන්න මේ කියන උතුම් අවස්ථාවේදී සියලූ ම කෙලෙස් ප්‍රහීන කොට චතුරාර්ය සත්‍යාවබෝධය ලබා ගැනීම සිදූ වේ.

සප්ත විසුද්ධියෙන් ප්‍රඥාව දියුණු කර ගැනීම පිණිස උදව් උපකාර වන මෙම විපස්සනා භාවනාව "පඤ්ඤා භාවනාව" යනුවෙනුත්, අනිත්‍යයි, දූකයි, අනාත්මයි යනුවෙන් ත්‍රිලක්ෂණය සිහිපත් කරමින් සිදූ කරනු ලබන භාවනාවක් වන බැවින් "ත්‍රිලක්ෂණ භාවනාව" යනුවෙනුත් අර්ථකථනය කෙරේ.

තුන් සිත පහදාගෙන ක්‍රමවත් වූ දැකීමකින් මොහොතක් හෝ භාවනාවක යෙදෙන්න ඔබත් වීර්යය ගන්න. ඔබගේ උත්සාහවත් බව ඔබගේ මානසික සුවතාවයට අමිල අස්වැසිල්ලක් වේවි.

සිතෙහි ඇතිවන වේදනාවන්ගේ අස්ථිරතාවය මෙනෙහි කරවන වේදනානුපස්සනා භාවනාව



වේදනාව යන වදන කණ වැකෙත් ම ඕනෑ ම කෙනෙකු සිතන්නේ යම් ලෙඩක් දූකක් හැදූන විට දැනෙන වේදනාවයි. එසේත් නැතිනම් යම් දෙයක් නො ලැබී යාම මත තම සිතේ ඇතිවන වේදනාවයි. කාම සැප සම්පත් භක්ති විඳින්නන් සිතන්නේ ඒ ආකාරයෙනි.

නමුත් මේ සියල්ලට ම වඩා වෙනස් වූ ඉසව්වක් වේදනාව යන්නෙන් කියැවේ. එනම් විඳිම හෙවත් වින්දනය යි. බුදූදහම අනුව වේදනාව කිසිදාක ස්රසාර වූ දෙයක් නොවේ. යම් ස්පර්ශයක් හේතුවෙන් පහළ වන වේදනාවන් තුන් ආකාරයකි. එනම්..."

01. සුඛ වේදනා
02. දූක්ඛ වේදනා
03. උපේක්ඛා වේදනා
අපේ ඇසටත්, කණටත්, නාසයටත්, ඳිවටත්, ශරීරයටත් ලැබෙන සැපයන් සුඛ වේදනා වශයෙනුත්, ඒ ඉන්ද්‍රියන්ට ම ලැබෙන දූක්බර දේවල් දූක්ඛ වේදනා වශයෙනුත්, සැපත් නැති දූකත් නැති මධ්‍යස්ථ වේදනාවන් සියල්ලක් ම උපේක්ඛා වශයෙනුත් ඉතාමත් සරලව හඳුන්වා ඳිය හැකිය.

තත්ත්වය මෙසේ වුවත් මේ වේදනාවන් අපට තවත් දෙයාකාරයකට බෙදා වෙන් කර ගත හැකිවේ. එනම්..."

01 සාමිස වේදනා
02 නිරාමිස වේදනා

සාමිස වේදනා යනු, අපේ පසිදූරන් පිණවීම නිසා පහළ වන වේදනාවන් ය. නිරාමිස වේදනා යනු, කාමයන්ගෙන් වෙන් වූ සියලූ වේදනාවන් ය.

තව දූරටත් මෙය වර්ග කරන්නේ නම්, සාමිස සියලූ වේදනාවන්, සාමිස සුඛ වේදනා, සාමිස දූක්ඛ වේදනා, සාමිස උපේක්ඛා යනුවෙනුත්, නිරාමිස සියලූ වේදනාවන්, නිරාමිස සුඛ වේදනා, නිරාමිස දූක්ඛ වේදනා, නිරාමිස උපේක්ඛා යනුවෙන් ද අනු කොටස් වලට බෙදා වෙන් කර ගත හැකිවේ.

භාවනා වඩන්නෙකු තුළ නියත වශයෙන් ම තිබිය යුතු දෙය වන්නේ, සිත ඒකායන අරමුණක පිහිටුවා තබා ගැනීම යි. යම් වේදනාවක් ඔබට දැනෙන්නේ නම්, හැඟෙන්නේ නම් ඒ වේදනාව අතිශයින් ම තාවකාලික එකක් වන බවත්, ඒවායෙහි සරසාරයක් නැති බවත් මැනැවින් අවබෝධ කරගත යුතුය. මේවායේ ඇති අනිත්‍යතාවය මෙනෙහි කරනවා සේ ම, ඒවායේ නොඇලී සිටීමට ද ඔබ වග බලා ගත යුතුය. මේ ආකාරයෙන් ඔබ සිතන්නට පුරුදූ පුහුණු වන්නේ නම්, ඔබේ ලෞකික ජීවිතය සැපවත් වන්නා සේ ම, නිවන් පිණිස ආර්ය මාර්ගය අනුගමනය කිරීමක් ද වන්නේ ය.

සතිපට්ඨාන සූත්‍ර දේශනාවට අනුව වේදනානුපස්සනාවේ කොටස් 09 ක් දක්වා තිබේ. එනම්...,

01. සැප වේදනාවක් විඳින විට එය සැප වේදනාවක් වශයෙන් විඳිනවා ය යන දැනීම.
02. දූක් වේදනාවක් විඳින විට එය දූක් සහිත වේදනාවක් වශයෙන් මම විඳිනවා ය යන දැනීම.
03. මැදහත් වේදනාවක් එසේත් නැතිනම් උපේක්ඛා වේදනාවක් වඳින විට එය උපේක්ඛා වේදනාවක් වශයෙන් මම විඳිනවා ය යන දැනීම.
04. සාමිස වූ සුඛ වේදනාවක් විඳින විට එය සාමිස වූ සුඛ වේදනාවක් ම වශයෙන් මා විඳිනවා ය යන බව දැන ගෙන සිටීම.
05. නිරාමිස වූ සුඛ වේදනාවක් විඳින විට එය නිරාමිස වූ සුඛ වේදනාවක් ම වශයෙන් මා වඳිනවා ය යන බව දැන ගෙන සිටීම.
06. සාමිස වූ දූක්ඛ වේදනාවක් විඳින විට එය සාමිස වූ දූක්ඛ වේදනාවක් ම වශයෙන් මා වඳිනවා ය යන බව දැන ගෙන සිටීම.
07. නිරාමිස වූ දූක්ඛ වේදනාවක් විඳින විට එය නිරාමිස වූ දූක්ඛ වේදනාවක් ම වශයෙන් මා වඳිනවා ය යන බව දැන ගෙන සිටීම.
08. සාමිස වූ උපේක්ඛා වේදනාවක් වඳින විට එය සාමිස වූ උපේක්ඛා වේදනාවක් ම වශයෙන් මා වඳිනවා ය යන බව දැන ගෙන සිටීම.
09. නිරාමිස වූ උපේක්ඛා වේදනාවක් වඳින විට එය නිරාමිස වූ උපේක්ඛා වේදනාවක් ම වශයෙන් මා වඳිනවා ය යන බව දැන ගෙන සිටීම.

අපි කොයිතරම් වයසට ගියත්, මොන අසනීපයකට පත් වුනත්, කය කොයිතරම් දූර්වල වුනත් ධර්මය ඳියුණු කරගත්ත කෙනාට යම් රැකවරණයක් තිබේ. අන්න ඒ නිසා මනා අවබෝධයක් මත පිහිටා යම් භාවනාවක යෙදෙන්න. ධර්මයක් පුරුදූ පුහුණු කරන්න. ටික ටික කරන්න පුරුදූ වෙන්න. දවසකට අඩු ම තරමින් පැයක් හෝ පැය භාගයක් හෝ යම් භාවනාවක් වඩන්න. අනිත්‍ය මෙනෙහි කරන්න.

තරුණ කාලයේ ඉඳුලා මේ විඳිහට ධර්මාවබෝධයට යොමු වුනොත්, භාවනාවක් සිදූ කරගත්තොත් වයසට ගියත් ජීවිතයේ සතුටක් ලබන්න පු`ඵවන්. මරණය ගැන ඒ කෙනාට බයක් ඇති වෙන්නේ නැහැ. ඒ මොකද@ තමන් හොඳුට ධර්මය වඩා ගත්ත කෙනෙක් වන නිසා තමන්ට නිතර ම බුදූ ගුණ ම සිහි වෙනවා, ධර්මය සිහි වෙනවා. ඒ නිසා දැන් මා මැරුණත් මා උපඳින්නේ සුගතියේ මයි කියලා හිතේ තියෙන අදහස් බලවත් වෙනවා. අන්න ඒ නිසා අපට මේ ලැබිච්ච මනුෂ්‍ය ආත්මයෙන් ප්‍රතිඵලයක් ලබා ගන්න.

සිත තුළ මනා සංවරයක් ඇති කරවන චිත්තානුපස්සනා භාවනාව



චිත්තානුපස්සනා යනුවෙන් අදහස් කරනු ලබන්නේ, සිතේ ස්වභාවය අනුව බැලීම යන්නයි. සිතේ ස්වභාවය යළි යළිත් මෙනෙහි කරවමින් යම් ධ්‍යානයක පිහිටා කටයුතු කිරීමට මඟ පදීම, චිත්තානුපස්සනා භාවනාවෙන් සිදූ කෙරේ.

මිනිසත් ආත්මයක් ලැබ සුජීවත්ව වෙසෙන අපේ සිත් එකිනෙකාගෙන් වෙනස් වේ. ඔබ සිතනා ආකාරයෙන් අනෙකා නො සිතයි. ඔබ පතනා ආකාරයෙන් තවත් කෙනෙකු නො පතයි.

එසේ නම් පළමුව අප කළ යුත්තේ අපේ සිත කවර ආකාරයක එකක් දැයි හඳුනා ගැනීමයි. ඉන් අනතුරුව ඒ ඒ සිත්වල පවතින යථා ස්වරූපයන් මෙනෙහි කරවමින් පියවරෙන් පියවර අප යම් දැහැනකට සමවැදීය යුතුය.

අපේ සිතට සිතිවිලි ගලා එන්නේ පූර්ව දැනුම් දීමකින් තොරවය. වරක් අප දෙනෙත් පියා යළි විවර කළ විට දක්නා නානාවිධ රූපයන් ඔස්සේ අනේකවිධ සිතිවිලි ගලා එයි. අප බුද්ධිමත් විය යුත්තේ, මෙසේ ගලාගෙන එන්නා වූ විවිධාකාර වූ සිතිවිලි දහරාවන්හි අස්ථිරතාවයන් මැනැවින් අවබෝධ කර ගැනීමයි.

අපේ සිතේ හටගන්නා මේ සිතිවිලි අපේ බුද්ධියෙන් ම විමසා බලා ඒ අනුව කටයුතු කරන්නට පෙළඹෙන්නේ නම් අපේ දීයුණුව අපට ම සළසා ගත හැකි වේ.

අභිධර්මයේ සඳිහන් වන පරිද්දෙන් අපේ මේ සිත් කොටස් කර දක්වා තිබේ. එය ගණනින් එකසිය විසි එකකි. නමුත් චිත්තානුපස්සනා භාවනාව වඩන විට සිතෙහි ඇති කොටස් දහසයක් ගැන පමණක් මෙනෙහි කරවනු ලැබේ. එනම්...,

01. සරාග සිත - රාග කෙළෙස් සහිතව ලෝභයෙන් යුක්ත වූ ඇලීම් සහිත සිත, සරාග සිතකි. එවන් සිත් අටක් තිබේ.
02. වීතරාග සිත - රාගයෙන් හෙවත් ලෝභයෙන් වෙන් වූ සිත, වීතරාග සිතකි.
03. සදොස සිත - ද්වේෂ සහගත සිත සදොස සිත් වශයෙන් හඳින්වේ. මෙවන් සිත් දෙකක් ඇති බව අභිධර්මයේ සඳිහන් වේ.
04. වීතදෝස සිත - ද්වේෂයෙන් යම් මිදූණ සිතක් වේ ද ඒ සිත වීතදෝස සිතකි.
05. සමෝහ සිත - මෝහයෙන් පිරුණු සිත මෙනමින් හඳින්වේ. මෙවන් සිත් දෙකක් ඇති බව අභිධර්මයේ සඳිහන් වේ.
06. වීත මෝහ සිත - මෝහයෙන් වෙන් වූ සිත වීතමෝහ සිත යනුවෙන් හඳින්වේ.
07. සිංඛිත්ත සිත - අලසකමින් හෙවත් Òන මිද්ධ නීවරණයෙන් යුක්ත වූ සිත මෙනමින් හඳින්වේ.
08. වික්ඛිත්ත සිත - එක අරමුණක රඳිවා නො ගෙන අවුල් සහගතව ඇති සිත වික්ඛිත්ත සිතකි.
09. මහග්ගත සිත - මහග්ගත සිතේ අන්තර්ගතව ඇත්තේ රූපාවචර හා අරූපාවචර සිත් අටයි.
10. අමහග්ගත සිත - කාමාවචර සිත් අමහග්ගත සිත් වේ.
11. සඋත්තර සිත - රූපාවචර සිත් සඋත්තර සිත් වේ.
12. අනුත්තර සිත - අරූපාවචර සිත් අනුත්තර සිත් වේ.
13. සමාහිත සිත - උපචාර අර්පණා ලෙසින් එකඟ වූ සමාධිගත සිත සමාහිත සිතකි.
14. අසමාහිත සිත - උපචාර අර්පණා ලෙසින් එකඟ නොවූ යම් සිතක් වේ ද ඒ සිත අසමාහිත සිතකි.
15. විමුත්ත සිත - තදංග, වික්ඛම්භණ යන ක්‍රම දෙකින්ම කෙලෙස් මුදා ගත් සිත විමුත්ත සිත යනුවෙන් හඳින්වේ.
16. අවිමුත්ත සිත - කෙලෙසුන් ගෙන් මිදීමට පත් නොවූ යම් සිතක් වේ ද ඒ සිත අවිමුත්ත සිතකි.

මේ ආකාරයෙන් දක්වනු ලැබුවා වූ මේ සිත් හඳුනා ගැනීම අතිශයින්ම වටී. ඒ මන්ද යත්" යම් අරමුණක් කිනම් අවස්ථාවක දී හෝ ඔබේ සිතේ පහළ වන විට එය ඉහතින් දැක්වුවා වූ කවර හෝ සිතකින් පහළ වන අරමුණක් ද යන්න ගැන ඔබට අවබෝධ විය යුතුය.

දෛනික ජීවිතයේ දී අප සමාජය හා යම් යම් ක්‍රියාකාරකම් හමුවේ ගැටෙද්දී සිතේ අතොරක් නැතිව හටගන්නා වූ මේ සිතිවිලි දහරාවන් සම්බන්ධයෙන් අප නිරතුරු අවධානයකින් පසු වන්නේ නම් අප කිසිදා නොමඟ යන්නේ නැත.

සෑම කටයුත්තක්ම අනලස්ව, නො පැකිළිව, පටලවා ගන්නේ නැතිව කිරීමට අපේ සිත ඉවහල් වන්නා සේ ම, අපේ ජීවිත සාර්ථක මාවතක ගමන් කරවා ගැනීමේ වටාපිටාව ද අපට අපේ සිත හරහා ම ගොඩ න`ගා ගත හැකිවේ.

"හේතුං පටිච්ච සම්භූතං හේතු භංගා නිරුති"- මේ ලෝක ධාතුවේ නිත්‍යයි කියලා කිසිම දෙයක් නැහැ. ඒ බව අප අවබෝධ කරගත යුතුය. "මානසං පාපසන් තින්නං" - අපේ හිත හැමතිස්සේම පවට බරවෙලයි තියෙන්නෙ. ඒ තත්ත්වයෙන් අප මි`දීය යුතුය.

"පභස්සර මිදං භික්ඛවෙ චිත්තං තඤ්ච ඛො ආගන්තුකෙහි උපක්කිලෙසෙහි උපක්කිලිට්ඨං" - අපේ හිත උපතින් ම හරිම පිරිසිදූයි. ඒත් මේ බැහැරින් එන දේවල් හින්දා තමයි අපේ මේ හිත අපිරිසිදූ වෙන්නේ. "මනසා උස්සන්නත්තා මනුස්සා" - අනිත් හැම සත්වයෙකුගේම හිතට වඩා අපේ මනස හරිම දීයුණුයි. ප්‍රබලයි. එනිසාවෙන් ම අපේ සිත "චිත්තානුපස්සනා භාවනාව" හරහා සමාධියට නැඹුරු කර ගනිමු.

සත්‍ය ධර්ම මෙනෙහි කරවන ධම්මානුපස්සනා භාවනාව



සිතෙහි ඇතිවන පංචනීවරණයන් යටපත් කොට සිතට සිසිලසක් මෙන්ම, උතුම් මානසික සුවතාවයක් ලබා ගැනීම උදෙසා ඉවහල් වන සමථ භාවනාව පිළිබඳවත්, විපස්සනා භාවනාව පිළිබඳවත්, වේදනානුපස්සනා භාවනාව පිළිබඳවත්, චිත්තානුපස්සනා භාවනාව පිළිබඳවත් "මෙත්තාවලෝකනය" ඔස්සේ පසුගිය කළාප වලින් සුපින්වත් ඔබව දැනුවත් කරනු ලැබීය.

මෙවර කළාපයෙන් අප අදහස් කළේ "ධම්මානුපස්සනා භාවනාව" පිළිබඳව ඔබව දැනුවත් කරන්නටය. සතිපට්ඨාන භාවනා පෙළේ ගැඹුරුතම භාවනාව වශයෙන් සැලකෙන ධම්මානුපස්සනා භාවනාව, අතිශයින් ම වටිනා වූවකි.

යමෙකුගේ සිත තුළ පහළ වන්නා වූ චෛතසික ධර්ම, රූප වේදනා ආදී ස්ඛන්ධ ධර්ම, චක්ඛු සෝතා දී ආයතන ධර්ම, සති ධම්මවිචය ආදී බොජ්ඣ්ග ධර්ම, දූක්ඛ සමුදය ආදී චතුරාර්ය සත්‍යයට අයත් සත්‍ය ධර්ම මෙනෙහි කිරීම, "ධම්මානුපස්සනා භාවනාව" යි.

මේ අනුව බලන කල ධම්මානුපස්සනා භාවනාවේ ප්‍රධාන කොටස් පහක් දැක්විය හැකිය. එම කොටස් පහ වන්නේ" (01- - නීවරණ පරිග්ගහ (02- - ඛන්ධ පරිග්ගහ (03- - ආයතන පරිග්ගහ (04- - බොජ්ඣ්ග පරිග්ගහ (05- - සච්ච පරිග්ගහ යි.

(01- - නීවරණ පරිග්ගහ - කාමච්ඡන්දය, ව්‍යාපාදය, ථීන මිද්ධය, උද්ධච්ච කුක්කුච්චය හා විචිකිච්ඡා නම් වූ නිවන් මඟ අඩාල කරවන මේ ධර්ම පහ වෙන වෙන ම මෙනෙහි කිරීම' "නීවරණ පරිග්ගහ" යෙන් සිදූ කෙරේ.

කාමච්ඡන්දයක්, ව්‍යාපාදයක්, ථීන මිද්ධයක්, උද්ධච්ච කුක්කුච්චයක් හා විචිකිච්ඡාවක් යම් ආකාරයකින් සිතෙහි පහළ වූ විට එය පහළ වූවා යැයි දැනගැනීමත්, එහෙම පහළ නො වන්නා වූ අවස්ථාවක සිතෙහි එවැන්නක් පහළ වී නැති බව දැන ගැනීමත්, මේ දක්වා සිතේ නූපන් මෙවැන්නක් කොයි මොහොතක හෝ උපදී යැයි දැන ගෙන සිටීමත්, සිතේ හටගත් එවැන්නක් නැති කරගන්නේ මෙසේ යැයි දැන ගැනීමත්, එය යළිත් කවදාකවත් නැවත ඇති නො වන්නේ මෙන්න මේ ආකාරයෙන් බව දැන ගැනීමත් මෙහිදී අතිශයින් වැදගත් වේ.

(02- - ඛන්ධ පරිග්ගහ - සත්ත්වයා උපාදාන ස්ඛන්ධ පහකින් නිර්මාණය වී ඇත. රූප උපදානස්ඛන්ධය, වේදනා උපදානස්ඛන්ධය, සංඥා උපදානස්ඛන්ධය, සංස්කාර උපදානස්ඛන්ධය, විඤ්ඤාණ උපදානස්ඛන්ධය නම් වූ මේ පස් ආකාරය, ඇති වීම, වැනසීම යනා දී කරුණු කාරනා ගැන මෙනෙහි කිරීම "ඛන්ධ පරිග්ගහ" තුළින් සිදූ කෙරේ.

මෙහිදී මෙම උපස්දානස්කන්ධ පහ සම්බන්ධයෙන් තෘෂ්ණාවක් ඇති කරගන්නේ නැතිව ඒවායේ ඇති අනිත්‍යතාවය නිරන්තරයෙන් මෙනෙහි කිරීම මෙම භාවනාවෙන් බලාපොරොත්තු වේ.

(03- - ආයතන පරිග්ගහ - ආයතන පරිග්ගහයේ දී ප්‍රධාන වශයෙන් ම ආයතන දොළහක් සම්බන්ධයෙන් අවධානය යොමු කෙරේ. මෙම ආයතන දොළස" ආධ්‍යාත්ම හා බාහිර වශයෙන් කොටස් දෙකකින් සමන්විත වේ.

ඒවා අතරින් චක්ඛායතන (ඇස- සෝතායතන (කණ-ඝානායතන (නාසය-ජීව්හායතන (දිව- කායායතන (කය-මනායතන (සිත- යන මේවා ආධ්‍යාත්ම ආයතන නම් වේ.

බාහිර ආයතන හය වන්නේ, රූපායතන (රූපය-සද්දායතන (ශබ්ද- ගන්ධායතන (ගන්ධ- රසායතන (රස-ඵොට්ඨබ්බායතන (ස්පර්ශ- ධම්මායතන (ධර්ම- යි.

ඒ අනුව මේ එක් එක් ආයතනයන් සම්බන්ධයෙන් ඒ ඒ ආයතනය කුමක්ද යන්න දැන ගැනීම, ඒවායේ ඉපදීම දැන ගැනීම, නූපන් ආයතනයන්ගේ ඉපදීම පිළිබඳව අවබෝධයක් ලැබීම, උපන් ආයතනයන්ගේ නැසීම දැන ගැනීම, ප්‍රහීණ වූ ආයතන ධර්මයාගේ යළි ඇති නො වීම සම්බන්ධයෙන් දැන ගැනීම යනාදිය සම්බන්ධයෙන් මෙහිදී අවධානයක් යොමු කෙරේ.

(04- - බොජ්ඣ්ග පරිග්ගහ - සත්‍ය අවබෝධ කර ගැනීමෙහිලා යෙදී සිටින පුද්ගලයන් විසින් පුරුදූ පුහුණු කළ යුතු බෝධි අංග "බොජ්ඣ්ග" නමින් හදූන්වයි. ඒවා හත් ආකාරයකින් සමන්විත වේ. එනම්, සති සම්බොජ්ඣ්ග" ධම්ම විචය සම්බොජ්ඣ්ග" විරිය සම්බොජ්ඣ්ග" පීති සම්බොජ්ඣ්ග" පස්සද්ධි සම්බොජ්ඣ්ග" සමාධි සම්බොජ්ඣ්ග" උපේක්ඛා සම්බොජ්ඣ්ග යි.

මෙලෙස මේ ආකාරයෙන් නිවන් පිණිස උපකාරක ධර්ම හෙවත් සප්ත බොජ්ඣ්ග තමා තුළ ඇතැයි දැන ගැනීමත්" එසේ නොමැති අවස්ථා වලදී එවැන්නක් තමා තුළ නැතැයි දැන ගැනීමත්" නූපන් බොජ්ඣ්ග නැති කල්හි එය උපදවා ගන්නේ කෙසේදැයි දැන ගැනීමත්" උපන් බොජ්ඣ්ගය දියුණු කර ගන්නේ කෙසේදැයි දැන ගැනීමත් බෙහෙවින් වටී.

(05- - සච්ච පරිග්ගහ - චතුරාර්ය සත්‍යය පිළිබඳව වූ කරුණු කාරනා මැනැවින් අවබෝධ කරවා ගැනීම "සච්ච පරිග්ගහ" තුළින් සිදූ කෙරේ.

ඒ අනුව, ඉපදීමත්, ජරාවට පත්වීමත්, මරණයත්, ශෝකයත්, වැළපීමත්, කායික දූකත්, මානසික දූකත්, දැඩිව වෙහෙසීමේ දූකත්, අප්‍රියන් හා එක්වීමේ දූකත්, ප්‍රියන්ගෙන් වෙන්වීමේ දූකත්, කැමැති දෙය නො ලැබීයාමෙන් ඇතිවන දූකත්, සමස්තයක් වශයෙන් මුඵ පංචස්කන්ධය ම දූකක් ලෙස සිතීමත් දූක්ඛ සත්‍යය තුළින් සිදූ කරනු අතර, සමුදය සත්‍යය, නිරෝධ සත්‍යය හා මාර්ග සත්‍යය ද වැඩිය යුතු වේ.

එසේ නම් සියලූ මිත්‍යා අදහස් ඉවත දමා සම්මා සංකල්පයන් සිත තුළ වඩා වර්ධනය කරවා ගැනීම සඳහා අප උත්සාහ ගැනීම අත්‍යාවශ්‍ය ම ය. සිතත්, කයත්, වචනයත් යන තුන් දොර සංවර කර ගැනීම සම්මා සමාධිය උදෙසා බෙහෙවින් ඉවහල් වේ.

"පඤ්ඤාවන්තස්සායං ධම්මො" - උතුම් බුදූ දහම අවබෝධ කරගන්න පු`ඵවන් වන්නේ ප්‍රඥාවන්තයන්ට බව ඔබත් සිහි තබා ගන්න.

  • "Meththawalokanaya” is a registered in Sri Lanka Government with International Standard.
  • Registered at Department of National Archives in Sri Lanka 424551/05/01/2016
  • Registered at National Intellectual Property Office of Sri Lanka ACT NO.36 OF 2003 - Class 16 / 179486
  • Registered at International Standard Serial Numbering Project (ISSN) 2345-9093 / BAR CODE 9 772345 909003

“Meththawalokanaya”,
Meththawalokana Buddhist Publications Centre,
No.104/E, Aththanagalla Road, Walpola, Rukgahawila, Sri Lanka.

Telephone - + 94 777 551666
Fax - + 94 3322 81257
E-mail - info@meththawalokanaya.com
Website - www.meththawalokanaya.com
Facebook - Meththawalokana Buddhist Publications Centre