T

අපේ සමාජ සේවා

  • "මෙත්තාවලෝකන පිරිකර පූජා"

    මෙත්තාවලෝකන අපේ තවත් එක් සද් කාර්යයක් වශයෙන් "මෙත්තාවලෝකන පිරිකර පූජා" පුණ්‍ය මහා වැඩසටහන දිවයින පුරා පැවැත්වීමට අදහස් කරගෙන සිටී. අපගේ මෙම වැඩපිළිවෙළේ ප්‍රධානතම ඉලක්කගත අරමුණ වන්නේ" දිවයිනේ බොහෝ දූෂ්කර ප්‍රදේශයන්හි අනේකවිධ දූක් කම්කටො`ඵ මැද වැඩ වාසය කරනු ලබන අපගේ ගෞරවනීය වූ මහාසංඝරත්නය වෙනුවෙන් හැකි පමණින් පිරිකර පූජා කිරීමයි.

    අද බොහෝ බැතිමතුන් විසින් සිදූ කරනු ලබන්නේ තමන් විසින් පිළියෙල කරගත් දාන මාන,  සිවුරු පිරිකර ආදිය නගරබදව පිහිටි චිරප්‍රසිද්ධ විහාරස්ථාන වෙත ම පූජා කිරීමට උත්සාහ ගැනීමයි. එය වරදක් නොවේ. එහෙත් ඔබ දන්නවා ද ඇතැම් ප්‍රදේශවල අපගේ ස්වාමීන්වහන්සේලා වෙත හරිහමන් විදිහට හීල දාන වේලක්වත්, දහවල් දාන වේලක්වත් නොලැබෙන බව. ඒ වාගේම එම දූෂ්කර ප්‍රදේශයන්හි මහත් අපහසුතාවයන් මධ්‍යයේ අපේ ස්වාමීන්වහන්සේලා ශාසනයේ චිරපැවැත්ම උදෙසා සියල්ල විඳු දරා ගනිමින් වැඩ වාසය කරති.

    සිවුරක්" අඳුනකඩයක් හෝ අටපිරිකරක් තරමින්වත් පූජා කිරීමක් නොලැබෙන මෙවන් දූෂ්කර විහාරස්ථානයන් වෙත අපේ රටේ ප්‍රධාන පෙළේ විහාරස්ථානයන්ගෙන් පවා කිසි`දූ උදව්වක් හෝ උපකාරයක් ලැබෙන්නේ ද නැත. සැබැවින්ම එය මහා දූක්බර කථා පුවතකි.

    පසුගිය කාල සීමාවේ දී සිදූ කළ සමීක්ෂණයකින් අනතුරුව මෙම කරුණු අපට අනාවරණය කරගැනීමට හැකි වූ අතර, ඒ අනුව අප වහාම තීරණය කරනු ලැබුවේ දිවයිනේ සතර දිග්භාගයේ විහාරස්ථානයන්හි මහත් දූෂ්කරතා විඳුගෙන වැඩ වෙසෙන මෙවන් ස්වාමීන්වහන්සේලා හා එම විහාරස්ථාන සොයා බලා අපට හැකි පමණින් පිහිටක්, පිළිසරණයක් වීමට ය.

    ශාන්ති නායක අමාමෑණී ලොව්තුරු සම්මා සම්බුදූරජාණන් වහන්සේ විසින් වරෙක වදාළ පරිදි පන්දහසක් කල්පවතින උතුම් ශ්‍රී සම්බුද්ධ ශාසනයේ නිර්මල බව ශ්‍රි ලංකාද්වීපයෙන් විද්‍යාමාන වන බැවින් ගෞතම බුදූසසුනේ චිරසථිතියත්, සුරක්ෂිතභාවයත් වෙනුවෙන් පෙනී සිටින එකම පවුර වන්නේ ද අපේ ගෞරවනීය මහාසංඝරත්නය යි. එසේ නම්, අපේ ස්වාමීන්වහන්සේලා අප ම රැකබලා ගත යුතුය. ඒ වෙනුවෙන් ඔබත් කැපවෙන්න.

    "යො අග්ග දායී වරදායී සෙට්ඨ දායී ච යො නරො - දීඝායු යසවා හොති යත්ථ යත්ථූපපජ්ජති" - යමෙක් අගනා දේ දන් දෙන්නේ ද, උසස් දේ දන් දෙන්නේ ද, ශ්‍රේෂ්ඨ දේ දන් දෙන්නේ ද, ඒ තැනැත්තා උපනූපන් ආත්මභවයන් වලදී දීර්ඝායුෂයත්, කීර්තියත්, ප්‍රශංසාවත් නිරන්තරයෙන් ලබන්නේ ය යන උතුම් සම්බුදූ වදන අනුව ඔබගේ පින්දහම් කටයුතු වලින් ඔබටත්, ඔබ පවුලේ සැමටත් යහපතක්, සෙතක්, ශාන්තියක් අත් වේවා..
      

  • 1
  • "Meththawalokanaya” is a registered in Sri Lanka Government with International Standard.
  • Registered at Department of National Archives in Sri Lanka 424551/05/01/2016
  • Registered at National Intellectual Property Office of Sri Lanka ACT NO.36 OF 2003 - Class 16 / 179486
  • Registered at International Standard Serial Numbering Project (ISSN) 2345-9093 / BAR CODE 9 772345 909003

“Meththawalokanaya”,
Meththawalokana Buddhist Publications Centre,
No.104/E, Aththanagalla Road, Walpola, Rukgahawila, Sri Lanka.

Telephone - + 94 777 551666
Fax - + 94 3322 81257
E-mail - info@meththawalokanaya.com
Website - www.meththawalokanaya.com
Facebook - Meththawalokana Buddhist Publications Centre